Monday, August 6, 2012

උසස් වෙන්න උසස් පෙළ...

අවුරුදු 13ක අත්දැකීම පැය කිහිපයකින් ලියන්නට නංගිලා මල්ලිලාගේ දවස උදා වුනි...විභාගයත් විටෙක අපුරුය, විටෙක රුදුරුය, විටෙක නපුරුය, විටෙක සොදුරුය...හී හී...
කොහොම වුනත් ඕනිම දෙයක් ජයගන්නට ඕනෑම කෙනෙක්ට වාසනාව ඔනී තරම් ඇත, ඉතින් අපෙනුත් සුබ පැතුම් ඔයාලට,

ඉතින් අපි විභාගේ ලියපු විදිහ දන්නවාද...






විභාගෙට කලින් හොදට ගාථා ආදිය කියා තිබුණු  නිසා මැත්ස් පේපරයට පිළිතුරු ලිවීම මදක් අවුල්ය, බුද්ධාගම පේපරයක් නම් A  එකක් කෙසේවෙතත් S අකුරක්වත් රිසල්ට් ශීට් එකට ගන්නට හැකියාව තිබුණි, කොහොම වුනත් පැය දෙක නොනිදා සිට පෑනේ තීන්ත අන්තිම බින්දුවට මදක් ඉහළින් කොළ කුරුටු ගෑ නිසා විනෝදයෙන් ස්ට්‍රයික් එකක් කරගෙන සිටීමේ වාසනාව උදා විය...

අපේ සෙට් එකේ එවුන්ට විභාගය ගැන තිබුණු ආකල්ප...


1) තමන්ට නිවුන් සහෝදරයෙක් සිටියානම් මාරුවෙන් මාරුවට පාඩම් කර එක්සැම් ගොඩ දාගත හැකි වීම.
2) විභාග පේපරයේ ටියුෂන් ක්ලාස් ගිය සර් ගේ ජීවන කතාව අසා ඇත්නම් සර්ටත් වඩා හොදට ලිවීමට හැකි වීම.
3) චිට් ලියන පොඩි කොළ කෑල්ලේ මෙන් බො‍හෝ දේවල් කෙටියෙන් ලියන්නට පුරුදු වීම නිසා බහුවර්ණ ප්‍රශ්න පත්තරේ හැර අනෙත් ඒවා ඉහල විභාග අංකයට පමණක් සීමා වීම.
4) අවසාන මිනිත්තු 15 ඇතුලත කෙසේ හෝ පවර් ප්ලේ එක ලබාගත යුතු බව හා විනිසුරුවන් නොමග යවා ඕවරෙන් එම් සී කිව් 60කට ඉරි ඇදීය යුතු බව.
5) විභාග දෙපාර්තමේන්තුවේ ගොඩ ගසා ඇති උත්තර පත්‍ර හදිස්සියේම ගින්නකට හසු වී දැවී යන අයුරු පෙර දිනකදී සිහිනෙන් දැක තිබීම.

6) හැරී පොටර්ට මෙන් මායා යෂ්ටියක් තිබුණොත් මිස පේපරේ කලින් දවසේ අවුට් වුනත් 100% නම් ගන්ඩ බෑ යන තීරණයේ ස්ථාවරව සිටීම.
7) තමන් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නොත් විභාග ක්‍රමය අහෝසි කර රටේ ළමුන්ට නිදහස හා සාමය ඇතිකරන බවට පොරොන්දු වීම.
8) කලින් දිනෙක පාඩම් කර ඇති දෙයක් පේපරයේ අසා තිබුණු විට මේ දකින්නේ සිහිනයක් දැයි කල්පනා කරමින් එක වරක් හෝ  අත කොනිත්තා ගැනීම.
9) හදිස්සියක් වී කලන්තයක් සැදුනොත් තව කෙනෙකුට පහසුවෙන් මුහුණට ඉසීමට හැකි වෙන පරිද්දෙන් මුඩියට වතුර පුරවා මේසයේ දකුණු කෙලවරේ ඉහළින් තැබීම.
10) අවසානයේ මේ සියල්ලම අමතක කර යන්තම් ඇති එකක් ඉවරායි  කියාගෙන ෆන් එකේ ධෛර්යෙන් යුතුව පොඩි නින්දක් දාන්නට ගෙදර ඒමට හැකිවීම...හේ හේ




ඒ කාලේනම් නම් ලොවෙත් සුපිරිය, සිටි යාලුවෝනම් ඊටත් එහාය, මතක් වෙනකොටත් තවපාරක් A/L ලියන්නට හිතේ, ....හැ මොකක්
.
.
.
.
.
අයෙත් විභාගේ, පිස්සුවක් ඇතෙයි ආපහු ලියන්න...හික්ස්...
ඔයාත් ආසයි නේද ආපහු ඒ කාලෙට යන්න....?

29 comments:

  1. ආකල්ප ටික නම් සුපිරි..........

    ReplyDelete
  2. අඩේ..ආයේ AL ලියන්න තියනවනම්.......

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ, ආයේ ලිව්වොත් නම් ඉසඩ් එක කෙලවෙනවා ලොවෙත් ෂුවර්...හික්ස්

      Delete
  3. 2 වෙනි එක හැර ඉතිරි ටිකම මා සතුය :)

    ReplyDelete
    Replies
    1. ඔබ ගැනත් හරිම ආඩම්බරයි රූ...හී හී...

      Delete
  4. හි හි..........අනේ අනේ ඔයාටත් හිතෙන දේවල් අනේ..නියමා.................යි! :)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ, නිකමට ඉතින් හිතුනා...හික්ස්...තැන්ක්ස් ඔයාටත්...

      Delete
  5. මලයා බ්ලොග් එකනම් මාර ලස්සනයි. දැන් අන්තර්ගතය ටිකක් සිරා කරන්න බලන්න . ඔයාට හදවතින්ම සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...අයෙමත් එන්නකෝ මේ පැත්තේ...

      Delete
  6. සිතුවිලි ලස්සනට සිත්තම් කරලා..බ්ලොග් එක ඇත්තටම ලස්සනයි...අපිටත් ඒ කාලේ ඔය ආකල්ප ඔය විදිහටම තිබ්බා..මම AL ලියපු හැටි මතක් වෙනකොටත් මට හිනා යනවා..රසායන විද්‍යාව ලියලා අපි ගියා හොද බුලත් විටවල් දෙක තුනක් හෙම අරන් නාන්න වැවකට..මම මාර බයයි වැව් වලට බහින්න..මාව වතුරට ගන්න අපේ උන්ට උන මහන්සියට වාඩා මහන්සි වෙන්න උනා නෑවට පස්සේ මාව ගොඩට ගන්න :D :D...ගෙවල් වලට කියලා තිබ්බේ හවසත් එක්සෑම් කියලා...පලමු වතාවේ විභාගේ ෆේල් උනත් ඒක පාස් උනානම් හම්බවෙනවට වඩා සතුටක් ඒ දවස්වල තිබ්බා..ඒ අත්දැකිම් ලියන්න ගියොත් බ්ලොග් පෝස්ට් එකක් ලිව්ව හැකි...:D :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගවේෂක සහෝ, ඔයාගේ ආකල්ප ටිකකුත් කියන්නකෝ...හේ හේ , හෆ්ෆේ කෙමිස්ට්‍රි දවසේ හවස නාන්න ඕනි වුනේ නෑ , මොකද ඉතින් පේපර් ඒක වෙලාවේ සබන් නැතුවම නෑ ගත්තනේ...
      1ස්ට් ෂයි ඒක ගැනනම් කතා කරලා වැඩක නෑ..ෆේල් වුනත් ෆේල් වුනාද වත් කියලා දැනුනේ නෑ නේ, හික්ස්

      Delete
  7. ඔව් ඒ කාලේට ආයෙමත් යන්න ආසයි තමයි අයියේ..ඇත්තටම ඒ කාලේ කොච්චර ලස්සනද....

    ReplyDelete
    Replies
    1. ඔව් නංගියෝ..ඒ කාලෙටනම් මමත් හරිම ආසයි...හේ හේ ...

      Delete
  8. ඒ කාලෙට යන්න මාර ආසයි... ඉස්කෝලේ ඇත්තටම මිහිරි අත්දැකීම් තියන තැනක්..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඉස්කෝලේ යන කාලේ විනෝදෙන් හිටපු විදිහ තාමත් මතකයි...මේ පැත්තට ආවට ස්තුතියි.

      Delete
  9. A/L wala asama eka english
    Kohomath dan unta wada api pin karala thiyanawa

    ReplyDelete
    Replies
    1. අනිවා අවතාර් සහෝදරයෝ...ඉංග්‍රීසි පේපර් එක දීලා විනාඩි 30 අපි ටවුන් බැස්සා...හික්ස්

      Delete
  10. මාමේ ලඟදි දැන ගත්තේ
    "හෝ...!! දහය විස්ස......"
    කියලා ගණන් කොලාට තේරෙන්නේ නිතරම 5 කියල.. දැන් ඉතින් මක් කොරන්නද..? ඔය වගේම නැති උනත් පොඩි පොඩි item එක්ක සුද මල්ලිත් විභාග 4 ක්ම කොලා

    ReplyDelete
    Replies
    1. ශා..ශෝයිනේ! සුදා මල්ලියත් එහෙනම් විභාග කෙරුවාව ගැන ගොඩාක් දේවල් දන්නවා වගෙයි, එත් මොකද අෆ්ෆේ හැමතිස්සෙම 5 එන්නේ? හේ හේ . ආපහු මේ පැත්තේ එන්නකෝ

      Delete
  11. ඒ ලෙවල් කාලෙද? හප්පා.... මතක් වෙනකොටත් මාර සතුටුයි. ඔය කරුණු නම් ඇත්තම ඇත්ත. :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත යාළු! අයෙමත් එන්නකෝ

      Delete
  12. මගුල ආයි නම් ඒ කාලේ එපා. දැනුත් මේ අවුට් වෙන්න බැරිව බලාගෙන ඉන්නේ. ආයි ඒ කාලේ ආවොත් කැම්පස්වත් යන්න බැරිව බලන් ඉන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ ඔව් ඔව්, අයෙත් ඒ කාලෙට ගියොත් එහෙම ගෙදරට වෙලා ඉදලාම පිස්සු හැදෙයි...හික්ස්

      Delete
  13. ඇත්තටම ඒ කාලෙට ආයි යන්න පුලුවන් නම් හොඳයි තමා. ඒ කාලේ වටිනාකම කියන්නේ ලොකුවට හිතන්න වගකීම් ගැන හිතන්න දෙයක් තිබුණේ නැහැනේ. ඒත් දැන් එහෙම බැහැනේ. ප්‍රශ්න ගොඩක් වගකීම් ගොඩක් එක්ක අපි හිරවෙලා ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් යාළු , ඒ කාලේ බරක්පතලක් තේරෙන්නේ නැති පොඩි එවුන් වගේ ඉන්නකොට හිත වුනත් ගොඩාක් නිදහස්... එකට දැන් :/

      Delete