හරි වැඩේ තමයි යාළු...ඔන්න මේ දවස්වල හොදටම වහිනවා...ඒ මදිවට රැ එළි වෙනකම් කරන්ට් නෑ... ගමනක් යනකොට කැති පොරෝ ඔක්කොම පැක් කරගෙන යන්නත් වෙනවා...මොකද ඉතින් අයිස් කැට පිටින් හැලෙන මහා වැස්ස නිසා පාරට වැටිලා තියෙන ගස් ටික කපලා අයින් කරන්න වෙන්නෙත් අපිටමනේ ...( අපිට අයිස් වැස්සක් ආවනේ, ඒ ගැනත් පස්සේ මම කියන්නම්කෝ ඔයාලට) ඔන්න අපේ සුන්දර ගම්මානය අතකට අයිස් එජ් වගේ ,තව වෙලාවකට ගල් යුගේ වගේ.., ඔන්න ඉතින් ආතක් පාතක් නැතුව තාක්ෂණික විප්ලවය ඇති කරපු උත්තමයින්ගේ ගුණ සිහි කරලා අනාගතේ අනා නොගන්න වැඩක් කරන්න ඔනී කියලා හිතුවා... හේ හේ..:) කොහොමත් ඉතින් මගේ නම් අනාගතේ 'කන්ට්රාස්ට්' එක ටිකක් ටිකක් වැඩියි තමයි හොදේ!
ඉතින් අපිට පාන්ද, මොනාවුනත් ටිකක් ඉගෙනගන්නත් එපැයි...ඉතින් හිත හදාගෙන
මුලු කාමරේ පෙරළලා දාලා අදුරු මුල්ලක හැංගිලා තිබුණු අපුරු වස්තුව අතට
අරගෙන උඩින් තිබුණු දුවිලි තට්ටුව පිහදැන්මට පස්සෙයි මීටර් වුණේ මේ මගේ
කැම්පස් එකේ පොතක් නේ හත් ඉලව්වේ කියලා...හී හී...
මගේ පොත් වල තියෙන ඒවා ඒ තරම් තේරුමක් නැති වුනත් මුල් පිටුවෙනම් ලස්සනට
ඉංග්රීසි වැල් අකුරෙන් ලියපු මාතෘකාවට නම් බ්ලොග් පිටු හත අටක්වත් ලියන්න
ඕනි තරම් ලොකු තේරුමක් තියෙනවා...(ඒ කතාවත් පස්සට කල් දාමුකෝ)
හැමෝම දන්නා දෙයක් වෙනස් විදිහට හදාපුවාම දැනගන්න දේවල් තවත්
වැඩිවෙනවානේ...ඔන්න ඉතින් අද කතාව යන්නේ වතුර කදක් ගාලාගෙන යන දිහා උඩට
වෙලා බලාගෙන ඉන්න පාලම් ගැන ටිකක් හොයලා බලලා එන්න ....
NANPU BRIDGE (China)
දෑකපු ගමන් පාලමක් කීවට ඈත්තටම මේ පාලමක්ද කියලත් හිතෙනවා නේද යාලු? ඔව්;
මේ
සර්පිලාකර හැඩයක් යොදාගෙන තියෙන්නේ ඉඩකඩ නාස්ති නොකර වැඩි ප්රයෝජනයක්
ගන්න ඕනි හින්දා...(එයාලා රවුම් කරලා උඩට උඩට හැදුවේ මෙහෙම හිතලලු : when
you can't build out, build up.)


The Pennybacker Bridge (West Austin)
ඔන්න දැන් ඔයාලට කියන්න යන්නේ මම ආසම පාලම ගැන...ඒ පාලම ඇත්තටම හරිම ලස්සනයි, බලන්නකෝ ෆොටෝ ටික දිහා...මේ පාලමේ පාදම කොටස් පහලින් ගලාගෙන යන වතුරේ ගෑවෙන්නෙ නෑතිලු....
ඉතින් ලෝකයේ තියෙන අනිත් විශාල පාලම් වල තිබුනට මේ පාලමේ එහෙම දෙයක් නෑති හින්දා මේ පාලමට විශේෂත්වයකුත් එකතු වෙලා තියනවා..

Henderson waves Bridge ( Singapore )
ඔන්න බලන්නකෝ, මේ තියෙන්නේ පයින් යන අයගේ පාවිච්චියට විතරක් ඉදිකරපු ලෝකයේ
ලොකුම පාලම. ඒ වගේම තමයි 2009 වසරේදී නිමවූ හොදම සෑලසුම් නිර්මාණය...
ඔයාලත් දැක්ක නේද අමුතුම විදිහේ රැලි වුනු හැඩය... මේ පාලමේ නම් නවතින්න
වුනත් ආසයි ! ඔයාටත් එහෙම හිතුනද? ඔව් ඔව් යාළු, මේ රැලි උඩට මතු වෙලා
තියෙන තැන්වල මහන්සිය නිවා ගන්න තැනුත් හදලා තියෙනවා...

Forth Railway Bridge ( Edinburgh, Scotland)
මේ තමයි කොච්චි යන්න හදලා තියෙන ලෝකයේ ලොකුම පාලම...කි.මි. 2 ටත් වඩා පාලම
ටිකක් දිගයි, මේ පාලම යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් විදිහට නම්
කරලත් තියෙනවා...
ඉතින් ඒ වගේම ලෝකයේ තියෙන විශාලම ආරුක්කුවට හිමිකම් කියන්නෙත් මේ පාලමයි...

(බලන්නකෝ ,යටින් යන නැවක තරම දැක්කම ආරුක්කුවේ තරම හිතාගන්න පුළුවන් නේද..)
බැලුවා මදි වගේ නේද? එහෙනම් මේ රුප ටිකත් බලලා කියන්නකෝ පාලම් ටික හොදයිද කියලා....
(පහුගිය දවස් දෙක තුන තුලදී මටම පලදුන් විදුලි බලයේ ඇණ හිරවීම හේතුවෙන් අඩාල වුනු බ්ලොග් කටයුතු සම්පුර්ණ කරපු ඔයාටත් ගොඩාක් ස්තුතියි....)
කරන්ට් ගිය ඒකෙන් නරකක් වෙලා නෑ වගේ..පාලම්
ReplyDeleteගැන විස්තරයට ස්තුතියි :)
අනේ නෑ.. කරන්ට් ගිය එකනම් හරිම අවුල්... එත් වැඩකුත් කෙරුනා තමයි යාළු... බොහොම ස්තුතියි ඔයාටත්!
Deleteඔය ලියල තියෙන්නේ ලස්සන පොස්ට් එකක්.ඇත්තටම වටිනවා නොදන්න දේවල් කොච්චරද කියල හිතුණා.පාලම් ගැන ඔයා තරම් වැඩි කැමැත්තක් නැති වුණාට දැක්කමනම් ආස හිතුණා...ජය වේවා...
ReplyDeleteඉදිරියටත් වටින පෝස්ට් දැක ගන්න ලැබේවි අපිට...
ඔයාටත් ගොඩක් ස්තුතියි අක්කියෝ... ඔයා වචනයකින් කරන උදව්වක් වුනත් ගොඩාක් වටිනවා.. ගොඩක් ස්තුතියි කමෙන්ටුවට...
Deleteහරි අපූරු පෝස්ටුවක් යාළු..:)
ReplyDeleteමම මේ කල්පනා කරන්නෙ මොකද එකපාරම පාලම් ගැන ලියන්න හිතිල තියෙන්නෙ කියල..:)
බොහොම ස්තුතියි මගේ යාළු... හේ හේ, ඉගෙන ගන්න දේවල් වලින් ටිකක් ඔයාලත් බෙදලා දෙන්න ඔනී කියලා හිතුනා...
Deleteවාව් පාලම් ටික නම් සුපර්..බැලුවට ඇතිවෙන් නෑ..ඇත්තටම ඒ පික් ටික හරිම ලස්සනයි..කරන්ට් නොගියත් මේ වගේ ලස්සන ලස්සන දේවල් අපිට බලන්න පුළුවන් වෙයි නේද ආයෙමත්....(හේ..හේ..)
ReplyDeleteහේ හේ ... තැන්ක්ස් sd !!! ඔයාලගේ උදව් තියෙනකොට නිතරම අලුත් දෙයක් කරන්න පුළුවන් වෙවී !!! හී හී ...අයෙමත් එන්නකෝ...
Deleteපට්ට්ටයි මචෝ පට්ටයි!!!!
ReplyDeleteතැන්ක්ස් මචෝ !!! හේ හේ !
DeleteThis comment has been removed by the author.
Deleteහොදා හොදා ඇ.....>>>
ReplyDeleteතැන්කු වේවා ඔයාටත් යාළු...ආයෙමත් එන්නකෝ...
Delete