Thursday, July 19, 2012

ඇවිදින්න යමු මාත් එක්ක...



ඔයාලත් ආසයි නේද යාළු ටිකක් ඇවිදින්න යන්න? ඔන්න ඉතින් නිවාඩුව අර්ථවත් විදිහට කාලය කාලා දාන්න ඕනි හින්දා යාලුවෙක්ගෙන් විශේෂ ආරාධනාවක් ලැබුණත් නොලැබුණත් බලෙන් හරි ට්‍රිප් එකක් නම් අපි ඕ.කේ...
ඇවිදින්න යන්න පුළුවන් කාලේ ට්‍රිප් යන්න ඕනි, බැරිවුනාම ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලාගෙන පාඩුවේ ඉන්න ඕනී..
ඉතින් ඊයේ පෙරේදා දවසක මහා රෑ මගේ  ෆෝන් එක හදිස්සියේම කැ ගහන්න පටන් ගත්තා, අපි මහා රෑ කියන්නේ යක්කුත් නිදාගත්තට පස්සේ උදාවන වෙලාව හින්දා මේ නම් මම එල්ලිලා ඉන්න බෝට්ටුවට සමාන්තර බෝට්ටුවක ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනි කියලා මට  නිකමට වගේ හිතුනා.. වැඩේ හරි තමා ; ඔන්න ඉතින් එදත් සංවිධායක මණ්ඩලේ විශේෂ ඉල්ලීමක් පරිදි උදේ 8 ට ඇහැරෙන්න බලාගෙන පාන්දර 3 ට විතර ඇදට වැටුනා... මේ දවස්වල ගෙදරිනුත් අවුලක් නෑ..මොකද ඉතින් ගෙදරට මාසයක් තිස්සේ කරදරයක් වෙලා ඉන්න මට ට්‍රිප් එකක් යන්න ගෙදරින් වීසා අනුමත කරගන්න එක  නම් කජු කනවාටත් වඩා ටිකක් විතර ලේසි දෙයක්...  





අහලා තියෙනවාද යාළුවේ 'ලිප්ටන් සීට්' වතු යාය ගැන...? (ලංකාවේ ඉදන් වෙන ලෝකේකට ගියා වගේ දැනෙන්න ඕනි නම් ඔයාලත් දවසක අනිවාර්යයෙන්ම එන්න ඕනි තැනක්)  මුහුදු මට්ටමේ ඉදලා අඩි 6000 කටත් වැඩියෙන් කදු මුදුන උසයි..(1924 m) .ඒ වගේම පළාත් 5 ක් පැහැදිලිව දකින්නත් පුළුවන්...ම්ම්ම්.. ඇයි එතකොට අයිස් කැටත් මිදෙන තරම් සුපිරි  සීතල .... ඉතින් මේ හැමදේටම ටිකක් ලෑස්ති වෙන්නත් එපැයි...





ඉතින් මේ තරම් උසක්‌ කන්දේ නගින්න පහසු වෙන්නයි, තව කෑම බීම දාගෙන යන්නයි, මීටරයක්‌ හරි පළල තිබුනත් පාරක් නම් උඩින් හරි යන්න පුළුවන් හින්දයි , දැනට මා සතුවෙන එකම වාහනය නිසාත් අන්තිමට ඉතුරුවුනේ බයික් එකේ පිහිට තමයි...


කදු මුදුනට කි.මි 15 ක් විතර යන්න ඕනී, ඒ තරම් දුර වුනාට වට පිටාවේ බලන්න ලස්සන දේවල් පිරිලා තියෙන හින්දා වැඩිපුර මහන්සියක් දැනෙන්නේ නෑ..  අපි නම් පාරේ වංගුවක් ගානේ යනකොට නැවතිලා ෆොටෝ ගත්තා.. ෆොටෝ අරන් ඉවරයක්‌ වෙන්නේ නෑ කියලා තේරුණු හින්දා ආපහු ගමන පටන් ගත්තේ...හේ හේ :)(
   
ඉතින් මේ සුන්දර වතුයායේ ඉහලට නගිද්දී පරිසරයත් අපිව ගොඩාක්  ආදරෙන් පිළිගන්නවා...නිකම් නෙමෙයි තරු පේන ලොකු වැස්සකුත් එක්කම...හික්ස්... අපිත් ඉතින් කෝකටත් සේෆ්ටි ෆස්ට් කියලා කුඩයක් වත් හංගලා  ගෙනියපු නැති නිසා එදා නම් හොදට වතුර ටිකක් නා ගත්තා...


(එත් ඉතින් ගෙනියපු ජැකට් , හෙල්මට් ටික හින්දා ගෙදර ඇවිල්ලා අවුලක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් වුනා...)


_________________________________________


ලිප්ටන් සීට් ගැන මම මෙහෙම කිව්වට විතරක්ම මදි ඔයාලට... ඒත් ඒ අත්දැකීම 3D
රුපරාමුවකින් විදගන්න ඔයාලටත් පුළුවන්... අංශක 360 ක වටපිටාව ඔයාලත් නොවරදවාම  බලන්නකෝ...


http://www.360cities.net/image/liptons-seat-haputale#4.32,-8.01,110.0


_________________________________________


ඇත්තටම හෙක්ටයාර 129.35 ක දැවැන්ත කදුයායවල් වසා ගත් තේ වතු මැදින් කි.මි 2 කට ආසන්න උස කදු මුදුනට ඉගිලෙන්න ඇත්නම්... තව දෙයක්! ස්තුති නොකරම බෑ...වැස්සත් අපේ තනියට ගමනෙන් භාගයක් පුරාම ලග හිටියානේ.. ඉතින් 'ලිප්ටන් ' කියන්නේ මේ සුන්දර වතු යාය හිමිව සිටි ඉංග්‍රීසි ජාතිකයෙක්...ඉතින් අංශක 360 ක් පැහැදිලිව වෙනත් කදුවැටියක බාධාවක් නැතුව රස විදින්න පුළුවන් වුනු මේ අපුරූ ස්ථානය හැමෝගෙම හිතේ හැමදාම මතක තියේවී...





"Trees Are The Earth's Endless Effort To Speak To The Listening Heavens"


ආහ් ..මට කියන්න අමතක වුනානේ ,..මේ කදුමුදුන අයිති වෙන්නේ පෞද්ගලික වතු සමාගමකට ...ඉතින් අපිට පුංචි මුදලකට ටිකට්පතකුත් අරගන්න වෙනවා...
ඔන්න ඉතින් මේ පැත්තට නිතරම වහින හින්දා පාරවල් ගැනනම් කතා කරලා වැඩක් නැ... ඒ තරම්ම සුපිරියි...හික්ස්!  ඉතින් ඉතින් පයින් යනවාටත් වඩා පැ.කි.මි. 5 කට අඩු වේගයෙන් කදුමුදුනට ආපු අපිට දකින්න ලැබුණු දේ...! ඔන්න යාළුවේ වචන වලින් කියනවාට වඩා කියන්න දේවල් තියෙන හින්දා ඔයාලට ෆොටෝස් ටිකකුත් තියෙනෙවා බලන්න...











12 comments:

  1. වාව්! සුපිරියි යාළු! පින්තූර ටිකත් මාරම ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළු ..! වාව්... ඔයත් ඇවිත් යන්න එන්නකෝ...

      Delete
  2. හොඳට සතුටු වෙලා වගේ..ලස්සනයි ෆොටෝ ටිකත් :)
    බ්ලොග් එකත වෙනස් වෙලා වගේ..හි හි :)

    ReplyDelete
    Replies
    1. හේ හේ...ඔව් ඔව්ව්... ගොඩක් විනෝද වෙන්න පුළුවන් පැත්තක්... පොඩ්ඩක් බ්ලොග් එක වෙනස් කරන්න ඕනී කියලා හිතුවා....

      Delete
  3. හපොයි මෙන්න මාවත් වැස්සට තෙමුනා මේ පැත්තේ ඇවිදින්න ඇවිත්...(හේ..හේ..) හ්ම්..සුපර්..ලස්සනම ලස්සන පැත්තක්..දැන්නම් කොහොමත් ඇත්තටම ගියා වගේ තමයි.. මොකද මේ ෆොටෝස් වල අපිට ඇති වෙන්න සැරිසරන්නත් පුළුවන්නේ....

    ආ අමතකවුනානේ ෆොටෝස් ටිකත් සුපර්..ලස්සනම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. හේ හේ, ඔව් sd, ගොඩක් සැරට වැස්සානේ ...ඔයාලත් එන්නකෝ නිවාඩුවක් දාලා ට්‍රිප් එකක්...ෆොටෝ ටිකනම් ඇත්තටමයි ලස්සනයි තමයි....

      ගොඩක් - - - - කමෙන්ටුවට...හේ හේ ...!

      Delete
  4. ඇත්තටම ට්‍රිප් එකක් යන්නනම් කියාපු තැන මාර ලස්සනයි...පොටෝ ටිකට වශී වුණාම හරියට මමත් එතන හිටිය වගේ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ගොඩක් ස්තුතියි මගේ අක්කියෝ...! අපි යමුකෝ හොදම හොද ට්‍රිප් එකක්...

      Delete
  5. මටත් ආස හිතුනා සහෝ යන්න.බයික් දෙක පෙන්නන ඕන නිසා ඒවත් ෆොටෝස් වලට ගත්තා නේද ? :)

    ReplyDelete
    Replies
    1. හේ හේ, අනේ නැ යාළු.. බයික් දෙකටත් ෆොටෝස් වලට ඉන්න ඕනි කිව්වනේ...එයාලත් පව් හින්දා ඔන්න ඔහේ ගත්තා.. :) අයෙමත් එන්නකෝ යාළු...

      Delete
  6. ලස්සනයි ආ, අපිත් එනවා දවසක ආයෙත්... පිණි බිංදු මල් වැහි අරං... . . . ;)

    ReplyDelete
    Replies
    1. හේ හේ..ඒ වුනාට පිනි බින්දු මල්වැහි නම් මෙහෙ ඕනි තරම් තියෙනවනේ කොල්ලෝ...පුලුවන්නම් බිස්කට පැකට එකක් ගෙන්නකෝ...හේ හේ ! අයෙමත් එන්නකෝ යාළු.!

      Delete