
මම මේ දවස්වල පොඩි පහේ සමීක්ෂණයක් කරලා බැලුවා යාලුවන්ගෙන්... ඇත්තටම ලොකු වියදමක් දරන්නේ නැතුව 3D ෆිල්ම් එකක් බලන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවාද? හොද ෆිල්ම් හෝල් එකකට යනවා හැරෙන්න වෙන දෙයක් ගැන එයාලත් දැන ගෙන හිටියේ නෑ...
ඒත් මගේ එක යාලුවෙක් කියපු වැඩක් හින්දා මමත් අලුත් දෙයක් අත්හදා බලන්න ඕනි කියලා හිතාගෙන පොඩි වැඩකට අත ගැහුවා... මගේ සමහර යාලුවෝනම් මේ ගැන කලින් අහලත් ඇති..අපි නොදන්නා යාලුවොන්ටත් වැඩේ ගැන කියලා දෙමුකෝ...
අහ්... ඒත් ඔක්කොටම කලින් 3D චිත්‍රපට හැදෙන හැටි ගැනත් පොඩ්ඩක් කතා කරලාම ඉමු...
3D චිත්‍රපට හැදෙන හැටි...
අපිට වස්තුවක් ත්‍රිමාණ රුපයක් විදිහට පේන්නේ අපේ ඇස් දෙකෙන් එකිනෙකට වෙනස් රූප දෙකක් ලබාගෙන මොළයෙන් එම රූප වැඩිදියුණු කිරීම මගිනුයි...

ඔව් යාළු..එකිනෙකට වෙනස් රූප දෙකක්..
උත්සහ කරලා බලන්නකෝ
ඔයාගේ එක ඇහැක් වහගෙන බෝලයක් උඩ දාලා අල්ලලා බලන්නකෝ...දැන් ඇස් දෙකම අරගෙන ඒ දේ කරද්දී ඔයාට ලොකු වෙනසක් දැනේවී...
ඉතින් මේ විදිහට ද්විමාන තලයේ රූප දෙකක් එකවිට දර්ශන වීමට සැලස්වුවොත් පහසුවෙන්ම 3D රුපයක් හදාගන්න අපිට පුළුවන්...

ඒත් සාමානය පරිදි රූප එකමත එක වැටුනොත් කිසිදු වෙනසක් වෙන්නේ නෑ..ඉතින් ඒ සදහා සරල ක්‍රමයකුත් යොදාගෙන තිබෙනවා... ඒ රුපයේ ඇති නිල වර්ණ ස්ථරය හා රතු වර්ණ ස්ථරය වෙන වෙනම කෝණයන්ගෙන් පතනය වීමට සැලස්වීමියි. එතකොට අපිට මුල් රුපය ඝනකමක් සහිතව දැක ගැනීමට හැකි වෙනවා...

ඉතින් මේ වෙනස් වර්ණ පතිත වෙන පැත්තට විරුද්ධ දිශාවට වර්ණ තිබෙන කණ්නාඩියක් පැළදීමෙන් අපිට නිල් හා රතු වර්ණය එක මත එක පතිත කරගෙන මුලින් රුපයේ 3D නිර්මාණයක් සාදා ගැනීමට හැකි වෙනවා...

උඩින් පෙන්නලා තියෙන රුපයේ විදිහට නිවැරදි රුපයක් සාදා ගැනීමට වර්ණ ප්‍රති විරුද්ධව අපිට අවශ්‍ය තලය මතට ලබා ගැනීම අනිවාර්ය වෙනවා...

ඉතින් යාලුවනේ අවසානයේ අපිට 2D රූප දෙකක එකතුවෙන් පහසුවෙන්ම 3D රුපයක් ලබා ගන්න පුළුවන්...

( Toy Story 3D චිත්‍රපටයේ රූප රාමුවක්)
දැනට නිකුත් වෙලා තියෙන, අලුතින් එන්න තියෙන 3D චිත්‍රපට ගැන දැන ගන්න මෙතන ක්ලික් කරන්න...

මමත් කණ්නාඩි කුට්ටමක් හැදුවනේ... ඒ ෆොටෝස් ටිකත් පහලින් දාලා තියෙනවා...ඔයාලටත් අත්හදා බලන්න පුළුවන් ඒ දිහා බලලා...






බලන්නකෝ යාලුවනේ මේ දේ ඔයාලටත් අපුරු අත්දැකීමක් වෙයි. අපි හදපු කණ්ණාඩියේ දෝෂත් තියෙන්න පුළුවන්, ඉතින් ඔයාලට ebay එකෙන් වගේ මෙහෙම දෙයක් ගොඩක් අඩුවට ගන්නත් පුළුවන්...
ඔන්න මමත් 3D ඉගන ගන්න මේ පැත්තට පැන්නා..හ්ම්..ගොඩක් වටින දෙයක්..හොද ලස්සනට පාඩමත් තේරුනා....
ReplyDeleteආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා..ඔයාගේ කණ්නාඩි කුට්ටම නම් නියමයි..ලස්සනයි....
හේ හේ...3D ගැන ඉගෙන ගත්ත එක ගැන ගොඩක් සතුටුයි... කන්නාඩි කුට්ටම ඔයාටත් දවසක දෙන්නම්කො...අයෙමත් පනිනකෝ මේ පැත්තට...
DeleteIn shortly I would like to say maxxa :D
ReplyDeletewow...that's great sisy! :)
Deleteඉදල ඉදල මෙයත් දාන්නෙ රසවත් දේවල් නෙව...බොහොම ලස්සනයි කොල්ලො වැඩේ ගොඩනම් ඇවිත් කියන්නම් කෝ....මමත් අද ඉදල බලන්නෙ 3ඩී
ReplyDeleteහේ හේ..තැන්ක්ස් අක්කියෝ...ඔව් ඔව් වැඩේ ගොඩ..හොද 3ඩි රිප්ස් ටිකක් තියෙන ෆිල්ම්ස් ටිකක් හොයාගත්තානම් ගෙදර ඉදන්ම බලන්න පුළුවන්...
Deleteඅඩේ පට්ටයි මචන් හොඳ පැහැදිලි කිරීමක්.
ReplyDeleteබොහොම ස්තුතියි මචෝ..!
Delete