Sunday, July 22, 2012

පේරා වලින් ආපු ලියුම...part ii (විශ්ව විද්‍යාල අර්බුධය)



ඉතින් යාළු, ඇත්තටම මේ අර්බුධයක්ද? නැත්තම් මවා ගත්ත හීනයක්ද?

හැම දෙයකටම වැදගත් වෙන්නේ අධ්‍යාපනය තමයි... තාමත් කියෙව්වේ නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැනත් කියවලා බලන්නකෝ ඔයාලා....


ඇත්තටම කැම්පස් වල මොකක්ද අද තත්වේ? ඒ දේවල් වලට හේතුව මොකක්ද? ඒ වෙනුවෙන් අපිටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවද...?



                  (pic by : http://a6.sphotos.ak.fbcdn.net/)


කියවන්න ගියාම ටිකක් අමාරු වෙයි... එත් මේ තමයි ඒ ප්‍රශ්න ඔක්කොටම දෙන්න පුළුවන් වෙන හොදම උත්තරය...


"බියෙන් තොරව අධ්‍යනයේ නියැලීමට , ඉගැන්වීමට හා සිතීමට හැකිවෙන පරිදි ලොව පුරා විශ්ව විද්‍යාල ස්වාධීන පාලනයකින් යුක්ත වෙන සේ ස්ථාපිතය. විශ්ව විද්‍යාල ප්‍රජාව සතුව සිතීමට හා භාෂණයට නිදහස පවතින විට සමාජය නව චින්තනයන්ගෙන් , අදහස්වලින් සහ දැනුමෙන් පෝෂණය ලබයි. බාහිර මැදිහත්වීම් අධ්‍යන ක්‍රියාවලිය විනාශ කරයි. විශ්ව විද්‍යාල යාන්ත්‍රණයේහිලා බාහිර බලවේගයන්ගේ මැදිහත්වීම ඒවායේ ගමන අඩපන කරයි........"





"වඩාත් යහපත් වුද, වඩාත් සාධාරණවුද, සියලු දෙනාටම කිසිම බාධාවකින් තොරව තමන් කැමති අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය තහවුරු කිරීම සදහා අපි අත්වැල් බැදගමු..."





ඉතින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය හා ආර්ථික උවමනාවන් මත පමණක් නොසිට ආර්ථික හා ප්‍රතිපත්තිමය ගැටලුවලටද විසදුම් බලාපොරොත්තු  වෙනවා කියලා ඔයාලා දැනටම දන්නවනේ... එත් ඒ මොන වගේ ඉල්ලීම්ද.......?




* අධ්‍යාපනයේ සියලුම අංශ සදහා ප්‍රතිපාදන වැඩි කිරීම. වසර දෙකක් තුල අධ්‍යාපනය උදෙසා කරන  ආයෝජන දල ජාතික නිෂ්පාදිතයෙන් 6% කරා ළඟාවීම (දැනට 1.90 %)  . මෙමගින් අධ්‍යාපනය ඉහලට නැංවීම.


* විශ්ව විද්‍යාල වල ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ජනතාවට සේවය කිරීම උදෙසා සහයෝගයෙන් ක්‍රියා කිරීම උදෙසා සහයෝගයෙන් ක්‍රියා කරන කේන්ද්‍රය සේ සිය භූමිකාව ගෙන යාමට විශ්ව විද්‍යාල වලට ඉඩ ලබා දීම...

* සියලු උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී විශ්ව විද්‍යාල ප්‍රජාව සම්බන්ද කර ගත යුතුය, මෙමගින් විශ්ව විද්‍යාල තුල විශිෂ්ට අධ්‍යාපනයක් තහවුරු වීම.




වැඩි විස්තර සදහා ස්ට්‍රයික් එක පටන් ගත්ත ගමන ඒ සදහා හදපු වෙබ් පිටුවටත් ගොඩ වෙන්නකෝ ඔයාලා...
http://futa-sl.org/







(මෙම ලිපිය හුදෙක් දේශපාලන අරමුණු වලින් තොර බව සලකන්න)










2 comments:

  1. අනේ මේ දේවල් ගැන මොනවා කියන්නද කියලවත් හිතාගන්න බෑ අයියේ..කවදා මේ ප්‍රශ්න නවතිද..??

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා නංගියෝ...ගොඩක් දුරට 2050 දී විතර නවතියි...හී හී...

      Delete