Showing posts with label මට හිතුනු හැටි.... Show all posts
Showing posts with label මට හිතුනු හැටි.... Show all posts

Monday, August 6, 2012

උසස් වෙන්න උසස් පෙළ...

අවුරුදු 13ක අත්දැකීම පැය කිහිපයකින් ලියන්නට නංගිලා මල්ලිලාගේ දවස උදා වුනි...විභාගයත් විටෙක අපුරුය, විටෙක රුදුරුය, විටෙක නපුරුය, විටෙක සොදුරුය...හී හී...
කොහොම වුනත් ඕනිම දෙයක් ජයගන්නට ඕනෑම කෙනෙක්ට වාසනාව ඔනී තරම් ඇත, ඉතින් අපෙනුත් සුබ පැතුම් ඔයාලට,

ඉතින් අපි විභාගේ ලියපු විදිහ දන්නවාද...






විභාගෙට කලින් හොදට ගාථා ආදිය කියා තිබුණු  නිසා මැත්ස් පේපරයට පිළිතුරු ලිවීම මදක් අවුල්ය, බුද්ධාගම පේපරයක් නම් A  එකක් කෙසේවෙතත් S අකුරක්වත් රිසල්ට් ශීට් එකට ගන්නට හැකියාව තිබුණි, කොහොම වුනත් පැය දෙක නොනිදා සිට පෑනේ තීන්ත අන්තිම බින්දුවට මදක් ඉහළින් කොළ කුරුටු ගෑ නිසා විනෝදයෙන් ස්ට්‍රයික් එකක් කරගෙන සිටීමේ වාසනාව උදා විය...

අපේ සෙට් එකේ එවුන්ට විභාගය ගැන තිබුණු ආකල්ප...


1) තමන්ට නිවුන් සහෝදරයෙක් සිටියානම් මාරුවෙන් මාරුවට පාඩම් කර එක්සැම් ගොඩ දාගත හැකි වීම.
2) විභාග පේපරයේ ටියුෂන් ක්ලාස් ගිය සර් ගේ ජීවන කතාව අසා ඇත්නම් සර්ටත් වඩා හොදට ලිවීමට හැකි වීම.
3) චිට් ලියන පොඩි කොළ කෑල්ලේ මෙන් බො‍හෝ දේවල් කෙටියෙන් ලියන්නට පුරුදු වීම නිසා බහුවර්ණ ප්‍රශ්න පත්තරේ හැර අනෙත් ඒවා ඉහල විභාග අංකයට පමණක් සීමා වීම.
4) අවසාන මිනිත්තු 15 ඇතුලත කෙසේ හෝ පවර් ප්ලේ එක ලබාගත යුතු බව හා විනිසුරුවන් නොමග යවා ඕවරෙන් එම් සී කිව් 60කට ඉරි ඇදීය යුතු බව.
5) විභාග දෙපාර්තමේන්තුවේ ගොඩ ගසා ඇති උත්තර පත්‍ර හදිස්සියේම ගින්නකට හසු වී දැවී යන අයුරු පෙර දිනකදී සිහිනෙන් දැක තිබීම.

6) හැරී පොටර්ට මෙන් මායා යෂ්ටියක් තිබුණොත් මිස පේපරේ කලින් දවසේ අවුට් වුනත් 100% නම් ගන්ඩ බෑ යන තීරණයේ ස්ථාවරව සිටීම.
7) තමන් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නොත් විභාග ක්‍රමය අහෝසි කර රටේ ළමුන්ට නිදහස හා සාමය ඇතිකරන බවට පොරොන්දු වීම.
8) කලින් දිනෙක පාඩම් කර ඇති දෙයක් පේපරයේ අසා තිබුණු විට මේ දකින්නේ සිහිනයක් දැයි කල්පනා කරමින් එක වරක් හෝ  අත කොනිත්තා ගැනීම.
9) හදිස්සියක් වී කලන්තයක් සැදුනොත් තව කෙනෙකුට පහසුවෙන් මුහුණට ඉසීමට හැකි වෙන පරිද්දෙන් මුඩියට වතුර පුරවා මේසයේ දකුණු කෙලවරේ ඉහළින් තැබීම.
10) අවසානයේ මේ සියල්ලම අමතක කර යන්තම් ඇති එකක් ඉවරායි  කියාගෙන ෆන් එකේ ධෛර්යෙන් යුතුව පොඩි නින්දක් දාන්නට ගෙදර ඒමට හැකිවීම...හේ හේ




ඒ කාලේනම් නම් ලොවෙත් සුපිරිය, සිටි යාලුවෝනම් ඊටත් එහාය, මතක් වෙනකොටත් තවපාරක් A/L ලියන්නට හිතේ, ....හැ මොකක්
.
.
.
.
.
අයෙත් විභාගේ, පිස්සුවක් ඇතෙයි ආපහු ලියන්න...හික්ස්...
ඔයාත් ආසයි නේද ආපහු ඒ කාලෙට යන්න....?

Monday, July 23, 2012

ගෙදර ඉදන්ම යමු 3D ලෝකෙට...

අදත් ඔයාලට කියන්න වෙන්නේ මම කරපු තවත් පිස්සු වැඩක් ගැන තමයි ..හේ හේ... අපි හැමෝම කොහොමත් කැමතියි නේද ෆිල්ම්ස් බලන්න..ඉතින් ඒ ෆිල්ම් එක 3D  විදිහට බලන්න ඇත්තම් කියන්න තියෙන්නේ "සුපිරියි" කියලා නේද...?





මම මේ දවස්වල පොඩි පහේ සමීක්ෂණයක් කරලා බැලුවා යාලුවන්ගෙන්... ඇත්තටම ලොකු වියදමක් දරන්නේ නැතුව 3D ෆිල්ම් එකක් බලන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවාද?  හොද ෆිල්ම් හෝල් එකකට යනවා හැරෙන්න වෙන දෙයක් ගැන එයාලත් දැන ගෙන හිටියේ නෑ...


ඒත් මගේ එක යාලුවෙක් කියපු වැඩක් හින්දා මමත් අලුත් දෙයක් අත්හදා බලන්න ඕනි කියලා හිතාගෙන පොඩි වැඩකට අත ගැහුවා... මගේ සමහර යාලුවෝනම් මේ ගැන කලින් අහලත් ඇති..අපි නොදන්නා යාලුවොන්ටත් වැඩේ ගැන කියලා දෙමුකෝ...


අහ්... ඒත් ඔක්කොටම කලින් 3D චිත්‍රපට හැදෙන හැටි ගැනත් පොඩ්ඩක් කතා කරලාම ඉමු...
3D චිත්‍රපට හැදෙන හැටි...


අපිට වස්තුවක් ත්‍රිමාණ රුපයක් විදිහට පේන්නේ අපේ ඇස් දෙකෙන් එකිනෙකට වෙනස් රූප දෙකක්  ලබාගෙන මොළයෙන් එම රූප වැඩිදියුණු කිරීම මගිනුයි...



  ඔව් යාළු..එකිනෙකට වෙනස් රූප දෙකක්..


උත්සහ කරලා බලන්නකෝ
ඔයාගේ එක ඇහැක් වහගෙන බෝලයක් උඩ දාලා අල්ලලා බලන්නකෝ...දැන් ඇස් දෙකම අරගෙන ඒ දේ කරද්දී ඔයාට ලොකු වෙනසක් දැනේවී...


Sunday, July 22, 2012

පේරා වලින් ආපු ලියුම.. part i (නිදහස් අධ්‍යාපනය)

ඔන්න යාළු...අද උදෙන්ම මට ආවනේ ටිකක් විතර ඔෆීෂියල් ලියුමක්... මොකෝ කරන්නේ නමට ආපු ලියුම එපා කියන්න පුළුවනැයි? මමත් ගත්තා ඉතින් "ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කාගෙන් වාගේ" කියලා හිතලා. . .(අක්කාත් ඉන්නේ දුර පලාතකනේ යාළු)   ...අහ්...

හෆෝයි මෙන්න  පේරාදෙණියේ කැම්පස් එකෙන් මේ ලියුමත්... අනේ නෑ නෑ...මම පේරා නෙමෙයි, එත් මට පේරා ලියුම් හෝ හෝ ගාලා එනවා... හ්ම්ම්... ඒ කතාවත් ඔයාලට කියලා හිටියනම් හොදයි වගේ...
මාව ඉස්සෙල්ලාම සිලෙක්ට් වුණේ පේරා... ඉතින් පේරා කැම්පස් එකේ දවස් ගානක් උදේ ඉදන් හවස් වෙනකම් හිටියනේ... කරන්න දෙයකුත් නැති නිසා මල්වත්ත ලගින් පටන්ගෙන මේඩි-ෆැක් හරහා ගිහින් මහවැලියේ ඉවුරත් පහු කරලා අන්තිමට නතර වෙන්නේ පාරත් පැනලා ඊ -ෆැක් එක ලගින් ... ගොඩාක් ආසාවෙන් ආදරයෙන් හිටපු කැම්පස් එකක්...එත් අන්තිමට නැවතුනේ මෝරා වලින්... හී හී...
ඉතින් මම එහෙත් කලින් රෙජිස්ටර් වුනු හින්දා මටත් පේරා ලියුම් ගෙදරට එනවා..(මම  මේ ගැන කාටවත් කියන්න ගියෙත් නෑ.. මොකෝ ඉතින් තව ඩිග්‍රියකුත් පොස්ට් එකේම ගෙදරටවත් ආවොතින් කියලා...) හිකිස්‌!


(ෆොටෝ එක ඉස්සුවේ :- http://www.pdn.ac.lk/ )


ලියුම කැඩුවම මම දුටු දේ.....


අධ්‍යාපනය දරුණු ප්‍රහාරයකට !

(මෙන්න එතකොට මමත් ටිකක් බය වුණේ නෑලු  හොදේ, ...)

ඉතින් ලියුමෙන් කියවපු මට නම් තේරුණේ විශ්ව විද්‍යාල වල ඇදුරන්ගේ වර්ජනය පෞද්ගලික ලාභ විතරක් නෙමෙයි රට ගැනත් හිතලා කරන දෙයක් විදිහටයි...

පේරා වලින් ආපු ලියුම...part ii (විශ්ව විද්‍යාල අර්බුධය)



ඉතින් යාළු, ඇත්තටම මේ අර්බුධයක්ද? නැත්තම් මවා ගත්ත හීනයක්ද?

හැම දෙයකටම වැදගත් වෙන්නේ අධ්‍යාපනය තමයි... තාමත් කියෙව්වේ නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැනත් කියවලා බලන්නකෝ ඔයාලා....


ඇත්තටම කැම්පස් වල මොකක්ද අද තත්වේ? ඒ දේවල් වලට හේතුව මොකක්ද? ඒ වෙනුවෙන් අපිටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවද...?



                  (pic by : http://a6.sphotos.ak.fbcdn.net/)


කියවන්න ගියාම ටිකක් අමාරු වෙයි... එත් මේ තමයි ඒ ප්‍රශ්න ඔක්කොටම දෙන්න පුළුවන් වෙන හොදම උත්තරය...


"බියෙන් තොරව අධ්‍යනයේ නියැලීමට , ඉගැන්වීමට හා සිතීමට හැකිවෙන පරිදි ලොව පුරා විශ්ව විද්‍යාල ස්වාධීන පාලනයකින් යුක්ත වෙන සේ ස්ථාපිතය. විශ්ව විද්‍යාල ප්‍රජාව සතුව සිතීමට හා භාෂණයට නිදහස පවතින විට සමාජය නව චින්තනයන්ගෙන් , අදහස්වලින් සහ දැනුමෙන් පෝෂණය ලබයි. බාහිර මැදිහත්වීම් අධ්‍යන ක්‍රියාවලිය විනාශ කරයි. විශ්ව විද්‍යාල යාන්ත්‍රණයේහිලා බාහිර බලවේගයන්ගේ මැදිහත්වීම ඒවායේ ගමන අඩපන කරයි........"

Wednesday, June 20, 2012

ඇතුවත් බැරි නැතුවත් බැරි ස්ට්‍රයික් . . !

   

අලුත් බ්ලොග් පිටුවකින් මගේ යාළුවෝ  අතරට එන්න ලැබිම ගොඩක් සතුටක්... මේ දවස්වල අහම්බෙන් ලැබුණු කැම්පස් නිවාඩුව අර්ථවත් වැඩකට යොදවන්න හොද අවස්ථාවක් වුණා. දැන් කැම්පස් වලත්  ස්ට්‍රයික් කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලා :) ලේක්චර්සලා , අනධ්‍යන සේවකයෝ , විශ්ව විද්‍යාල සිසුන් තරගෙට ස්ට්‍රයික්  කරනවා, හේ හේ ... ඉතින් එක්සැම් ඉවර වුනාමවත් කොහේ හරි ට්‍රිප් එකක් යන්න ඕනියෝ කිය කියා හිටපු අපිට නම් මේ දෙවියෝ දුන්නු තෑග්ගක්... හ්ම් හ්ම්

ඉතින් මේ ගැන කල්පනා කරනකොට ගොඩාක් යාළුවො ස්ට්‍රයික් ගැන නොදන්නා දෙයක් ඔයාලට කියා දෙන්න හිතුවා... ම්ම්ම්... ඇත්තටම කව්ද මුලින්ම ස්ට්‍රයික් කරන්න හොයාගත්තේ ? කවුරු වුනත් වටිනා කියන අදහසක හිමිකරුවෙක්!