Showing posts with label දැනගමුද අලුත් දෙයක්.... Show all posts
Showing posts with label දැනගමුද අලුත් දෙයක්.... Show all posts

Sunday, July 29, 2012

දොයිමතයිදෝ ඔයාටත්.....?

කාලෙකින් බ්ලොග් එක පැත්තෙත් එන්න බැරිවුණානේ...හෆ්ෆේ, ප්‍රශ්ණ කදු පිටින් නාය ගිහින් ඔලුවට කඩන් වැටුනනේ...ඉතින් එක්තරා විදිහක සවර්ණමය සතියක්...
ඉතින් අපි කාටත් ප්‍රශ්නයක් ආවම කරන්නේ ටිකක් දොයියන එක නේද යාළු...හී හී...මමත් ඉතින් නිතරම හිතේ සතුටින් කරන වැඩක තමයි ඒ...

ඉතින් නිදගැනිල්ලේ තරම කොච්චරද කිව්වොත් බෝඩිමේ ඉන්නකොටනම් ඇදේ පොත් අහුරලා තිබුනත් අවුලක් නැතුව ඒවා උඩ වුනත් හොදට නිදාගන්න නම් පුළුවන්... ඔන්න ඔහොම තමයි අපේ වැඩ...ඉතින් මේ දවස්වල කැම්පස් එකේ ස්ට්‍රයික් 60 ක් විතර ප්ලෑන් කරලත් තියෙනවා, ඒවටත් යන්න ඕනි...තව ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුරෙත් අවුලක් තියෙනවනේ...ඉතින් නිදාගෙන ඉදලත් බෑ...
කමක් නැ, එත් පහල තියෙනවා වගේ ඇදවල් ටිකක් තිබුණොත් අපි කවුරු වුනත් නිදාගනියි කතා නැතුවම...හේ හේ

වතුරට ආසයාළුවෝ ඉන්නවා නේද? මගේ හොදම යාලුවෙකුත්වතුරට ගොඩාක් ආසයි..හරියට මාලුවෙක් වගේ, එත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ ඇදේ නිදාගත්තම නින්ද යනවද කියන එක තමයි...


ටිකක් විතර අමුතු ඇදක්, ඇදක් කිව්වට ඇදක්මත් නෙමෙයි , ටිකක් විතර පුටුවක්.. ඉඩත් ඉතුරුයි...

                                  

Thursday, July 26, 2012

සාමානයෙන් අසාමාන්‍ය වේගයක්...

ඔන්න ඉතින් මාසයක් ගෙදර හිටපු අපිත් දැන් කම්මැලිකමේ උපරිමයටත් වඩා ටිකක් කම්මැලි වෙලා වගෙයි...හෆොයි...දැන් නම් ඒ ගැන කියන්නත් කම්මැලියි වගේ...හී හී..මේ හැම දෙයකටම  මුල තමයි උදේ 11 ට ඇහැරිලා පටන් ගන්න, එත් ටිකක් අසාමන්‍යයි කියලා හිතෙන කොහොමවුණත් මට සාමාන්‍ය මගේ  දිනචරියාව ...හේ හේ....


මමනම් ඉතින් කන්න ගියත් පැය ගානක් අත ගගා ඉදලා කන එක තමයි මගේ පුරුද්ද...පොඩිකාලේ ඉදන්ම එහෙම තමයි...ගෙදර කට්ටියත් කිව්වේ කැම්පස් ගියාම ඕවා ඉබේම හැදෙයි කියලා...කෝ ඉතින් එහෙම වෙලා නෑ නොවැ...

අපි හිතනවාටත් වඩා වේගයෙන් වැඩ කරන යාළුවෝ ටිකක් ගැන මට පොඩි ආරංචියක් ආවා....ඇත්තටම අපි සාමන්‍ය වේගයෙන් කරන පොඩි දෙයක් වුනත් හයිස්පීඩ් කරන්න පුළුවන් විදිහට හැකියාවක් තියෙන දක්ෂයෝ අපි අතරෙම ඕනී තරම් ඇති....බලන්නකෝ මෙයාලගේ වැඩ ටික කොහොමද කියලා...ම්ම්ම්...මටනම් ඉතින් සෙට් එක ගින්දර!...:)




ලෝකයේ වේගවත්ම කට්ටිය....


ලෝකයේ වේගවත්ම වෙඩි තබන්නා : Jerry Miculek  එක් තත්පරයක් ඇතුලත වෙඩි උණ්ඩ 8 ක් ! හැබැයි ඉතින් හැමෝම මේ වගේ වුනොත් නම් මැෂින් තුවක්කු ඕනි වෙන්නේ නෑ තවත්...:)

ලෝකයේ වේගවත්ම කෝප්ප හසුරුවන්නා : Emily Fox පොඩි වුනාට නියම වැඩ්ඩේක්!

ලෝකයේ
වේගවත්ම අප්පුඩි ගසන්නා : Kent මිනිත්තුවකදී අත්පුඩි 721 ක් ! තත්පරයකදී අත්පුඩි 14 ක් !
ලෝකයේ වේගවත්ම ධාවකයා : Usain Bolt තත්පර 9.58 ! එක් තත්පරයකදී මීටර් 10 කටත් වැඩි දුරක් !


ලෝකයේ වේගවත්ම ඇදුම් ඉවත්කරන්නා ( undresser ) : තත්පර 7 කදී සියලුම ඇදුම් ඉවත් කරයි ! හික්ස් ...

ලෝකයේ වේගවත්ම පාපන්දු ගෝලය ලබාගැනීම : Nawaf Al Abed තත්පර 2 කදී goal එකක් !


ලෝකයේ වේගවත්ම මුද්දර සලකුණු කරන්නා (stamper) : තත්පරයකදී ලියුම් කවර 7 කට සීල්  !

ලෝකයේ වේගවත්ම  රුබික්‌ කැට විසදන්නා : තත්පර 9 කින් !

ලෝකයේ වේගවත්ම පීසා (pizza) සාදන්නා : තත්පර 49.1 කදී විශාල පීසා 3 ක්  !

ලෝකයේ වේගවත්ම උණ්ඩ නැවත පුරවන්නා (gun reloader) : Travis Tomasic



මේ විස්තර ඔක්කොම පහල වීඩියෝවේ තියෙනවා...ඔයාලත් කොහොමහරි බලන්නකෝ යාළු...






මේ තමයි දැනට ලෝකයේ වේගවත්ම කට්ටිය...ඉස්සරහට තවත් අය බිහි වෙයි...ඔයාලත් වේගයෙන් කරන මොනාහරි තියෙනවානම් කමෙන්ට් කරද්දී ලියලම යන්නකෝ...

Tuesday, July 24, 2012

වයලීනයෙන් බිහිවූ අරුමය...

ඔයාලත් වයලීන ගහන්නද කැමතිදෝ? ...කැමති නම් හොදයි කැමති නෑ නැ වගේද එහෙනම් කතාව කියෙව්වම ඔයාගේ ඒ හිතත් වෙනස් වෙයි...ම්ම්ම්...මමත් නම් මුලින් වයලීනයට වැඩි කැමැත්තක් තිබුනේ නැනේ ඉතින්...
වයලීනෙන් ටිකක් දුක්බර ගීත වැඩිපුර වාදනය කලත් සංගීතයේ උපරිමයට ගිය කෙනෙක්ගෙන් නිර්මාණය වෙන්නේ අමුතුම කලාවක්...


                                            ۞❖۞❖۞❖۞❖۞❖۞❖۞


වයලීනෙන් දාන වැඩ ටිකක් බලලා තියෙනවද ඔයා? එහෙනම් ඔයා යානී (yanni) නොවරදවාම බලපු කෙනෙක්! Yanni සංගීත කණ්ඩායම හැදිලා තියෙන්නේ දක්ෂයෝ රැසකින්, ...

බලපු නැති කෙනෙක් ඉන්නවානම් ;

♫ 1994 අවුරුද්දේ කරපු සම්පුර්ණ සංදර්ශනය සදහා මෙතන ක්ලික් කරන්නකෝ...

♫  2006 අවුරුද්දේ කරපු සම්පුර්ණ සංදර්ශනය සදහා මෙතන ක්ලික් කරන්නකෝ...

♫ 2009  අවුරුද්දේ කරපු සම්පුර්ණ සංදර්ශනය සදහා මෙතන ක්ලික් කරන්නකෝ...


මට හිත ගිය අපුරු වාදකයා... (David Garrett)


 David Garrett කියන්නේ යාලුවේ ලෝකේ වේගවත්ම වාදකයා... වයලීනයෙන් උපරිමයටත් වැඩියෙන් දක්ෂතා පෙන්නන්න නම ඔහු සැබෑම දක්ෂයෙක්...
    ❖۞❖۞❖۞❖۞❖۞❖۞❖

Monday, July 23, 2012

ගෙදර ඉදන්ම යමු 3D ලෝකෙට...

අදත් ඔයාලට කියන්න වෙන්නේ මම කරපු තවත් පිස්සු වැඩක් ගැන තමයි ..හේ හේ... අපි හැමෝම කොහොමත් කැමතියි නේද ෆිල්ම්ස් බලන්න..ඉතින් ඒ ෆිල්ම් එක 3D  විදිහට බලන්න ඇත්තම් කියන්න තියෙන්නේ "සුපිරියි" කියලා නේද...?





මම මේ දවස්වල පොඩි පහේ සමීක්ෂණයක් කරලා බැලුවා යාලුවන්ගෙන්... ඇත්තටම ලොකු වියදමක් දරන්නේ නැතුව 3D ෆිල්ම් එකක් බලන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවාද?  හොද ෆිල්ම් හෝල් එකකට යනවා හැරෙන්න වෙන දෙයක් ගැන එයාලත් දැන ගෙන හිටියේ නෑ...


ඒත් මගේ එක යාලුවෙක් කියපු වැඩක් හින්දා මමත් අලුත් දෙයක් අත්හදා බලන්න ඕනි කියලා හිතාගෙන පොඩි වැඩකට අත ගැහුවා... මගේ සමහර යාලුවෝනම් මේ ගැන කලින් අහලත් ඇති..අපි නොදන්නා යාලුවොන්ටත් වැඩේ ගැන කියලා දෙමුකෝ...


අහ්... ඒත් ඔක්කොටම කලින් 3D චිත්‍රපට හැදෙන හැටි ගැනත් පොඩ්ඩක් කතා කරලාම ඉමු...
3D චිත්‍රපට හැදෙන හැටි...


අපිට වස්තුවක් ත්‍රිමාණ රුපයක් විදිහට පේන්නේ අපේ ඇස් දෙකෙන් එකිනෙකට වෙනස් රූප දෙකක්  ලබාගෙන මොළයෙන් එම රූප වැඩිදියුණු කිරීම මගිනුයි...



  ඔව් යාළු..එකිනෙකට වෙනස් රූප දෙකක්..


උත්සහ කරලා බලන්නකෝ
ඔයාගේ එක ඇහැක් වහගෙන බෝලයක් උඩ දාලා අල්ලලා බලන්නකෝ...දැන් ඇස් දෙකම අරගෙන ඒ දේ කරද්දී ඔයාට ලොකු වෙනසක් දැනේවී...


Wednesday, July 18, 2012

එන්න පාලමෙන් එතෙර වෙන්න...

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු අවසාන ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio

හරි වැඩේ තමයි යාළු...ඔන්න මේ දවස්වල හොදටම වහිනවා...ඒ මදිවට රැ එළි වෙනකම් කරන්ට් නෑ... ගමනක් යනකොට කැති පොරෝ ඔක්කොම පැක් කරගෙන යන්නත් වෙනවා...මොකද ඉතින් අයිස් කැට පිටින් හැලෙන මහා වැස්ස නිසා පාරට වැටිලා තියෙන ගස් ටික කපලා අයින් කරන්න වෙන්නෙත් අපිටමනේ ...( අපිට අයිස් වැස්සක් ආවනේ, ඒ ගැනත් පස්සේ මම කියන්නම්කෝ ඔයාලට) ඔන්න අපේ සුන්දර ගම්මානය අතකට අයිස් එජ් වගේ ,තව වෙලාවකට ගල් යුගේ වගේ.., ඔන්න ඉතින් ආතක් පාතක් නැතුව තාක්ෂණික විප්ලවය ඇති කරපු උත්තමයින්ගේ  ගුණ සිහි කරලා අනාගතේ අනා නොගන්න වැඩක් කරන්න ඔනී කියලා හිතුවා... හේ හේ..:) කොහොමත් ඉතින් මගේ නම් අනාගතේ 'කන්ට්‍රාස්ට්' එක ටිකක් ටිකක් වැඩියි තමයි හොදේ!

ඉතින් අපිට පාන්ද, මොනාවුනත් ටිකක් ඉගෙනගන්නත් එපැයි...ඉතින් හිත හදාගෙන මුලු කාමරේ පෙරළලා දාලා අදුරු මුල්ලක හැංගිලා තිබුණු අපුරු වස්තුව අතට අරගෙන උඩින් තිබුණු දුවිලි තට්ටුව පිහදැන්මට පස්සෙයි මීටර් වුණේ මේ මගේ කැම්පස් එකේ පොතක් නේ හත්  ඉලව්වේ කියලා...හී හී... 


මගේ පොත් වල තියෙන ඒවා ඒ තරම් තේරුමක් නැති වුනත් මුල් පිටුවෙනම් ලස්සනට ඉංග්‍රීසි වැල් අකුරෙන් ලියපු මාතෘකාවට නම් බ්ලොග් පිටු හත අටක්වත් ලියන්න ඕනි තරම් ලොකු තේරුමක් තියෙනවා...(ඒ කතාවත් පස්සට කල් දාමුකෝ)

හැමෝම දන්නා දෙයක් වෙනස් විදිහට හදාපුවාම දැනගන්න දේවල් තවත් වැඩිවෙනවානේ...ඔන්න ඉතින් අද කතාව යන්නේ වතුර කදක් ගාලාගෙන යන දිහා උඩට වෙලා බලාගෙන ඉන්න පාලම් ගැන ටිකක් හොයලා බලලා එන්න ....

Sunday, July 8, 2012

ඔයා ආසා කරන පාට ගැනත් දැනගමුද?

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු සිව්වැනි ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio


 ඉතින් යාළුවේ ඔයා වැඩියෙන්ම කැමති  පාට මොකක්ද? :) අපි හැමෝම ලස්සන පාට වලට ගොඩක් කැමතියි; ඒ වගේම අපිටම වෙන්වුණු විශේෂ වර්ණයකුත් තියෙන්න පුළුවන්...එත් ඇත්තටම පාට වලින් කියෙවෙන්නේ මොන වගේ දේවල්ද?... ඒවා වඩාත් ගැලපෙන්නේ මොන වගේ අවස්ථාවලටද?... ඉතින් මේ ලස්සන ලෝකේ ඉන්න ඔයාලට විශේෂිත වූ ඒ වර්ණ  ගැන අද  අපි ටිකක් හොයලා බලමු නේද!


"කළු" පාටට ආස ඔයාලට...


මම මේ නිකමට වගේ අහන්නේ, ඇත්තටම ඔයා කළු පාටට ආසද? හේ හේ :) ...ඔයා දන්නවාද; කළු පාට තමයි තමන්ගේ ආධිපත්‍යයය පතුරුවාගෙන බලය වැඩිකරගන්න අවශ්‍ය කෙනෙක්ට වඩාත්ම ගැලපෙන වර්ණයයි...,ඒ වගේම ටිකක් ටිකක් මහත අයට විලාසිතාවලදී වැඩියෙන්ම අදින්න සුදුසු පාට තමයි කළු... , (කළු පැහැය මගින් ආලෝකය වැඩි වශයෙන් අවශෝෂණය කරගන්නා නිසා අදුරු වස්තුවක විශාලත්වය අපිට පෙන්නේ එහි සබැ ප්‍රමාණයට වඩා මදක් අඩුවෙලා) හැබැයි මට නම් කළු අදින වැඩේ ටිකක් වියදම් වැඩියි, මොකද ඉතින් අපි කළු ඇන්දොත් නම් ෆැෂන් එක දිහා කරදරයක් නැතිව බලන්න ඕනි නිසා කට්ටියටම අත් කාචය ගානේත් බෙදල දෙන්න වෙනවනේ: හී හී...:ඩි

Friday, June 22, 2012

වෙණ තතෙන් මැවුණු රහස්...

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු දෙවැනි ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio


ඉතින්  යාළුවනේ ආයෙමත් අපි මුණ ගැහුනා නේද, ම්ම්ම්... මටනම්  තව අවුරුද්දක් විතර කැම්පස් ස්ට්‍රයික් එක තියෙයි වගේ, මතක වෙද්දීත් ආසාවේ බෑ...( අපේ ස්ට්‍රයික් කතාවත් කියවමුද..) හේ හේ , ඉතින් මේ දවස්වල බැච් ෆිට් එක හදාගන්නත් එක්ක හොදයි කියලා හිතලා මාරුවෙන් මාරුවට යාලුවන්ගේ ගෙවල්වල ඇවිදින්න යන එක තමයි ලොකුම රාජකාරිය, ඉර පායලා කළුවර වැටෙනකන්ම කරන්නේ කොළඹ යාලුවෝ කට්ටියම එකතුකරගෙන උපන්දා ඉදන් හිටපු ගමේ මමත් නොදැකපු තැන් වල ලිස්ට් එකකුත් හදාගෙන දවල් කාලයේ වීදි සංචාරය කරන එක තමයි... (අපි ගිය තැන් ගැනත් බලන්න ආසද)  ඉතින් යාලුවොත් එක්ක සින්දුවක් කියලා විනෝද වෙනකොට අලුත් දෙයක් කල්පනා වුණා,
මගේ  යාළුවෝ හැමෝම සංගීතයට ගොඩාක් කැමතියි නේද , :) හ්ම්..අද අපි ලෝක සංගීතයේ  නොදන්නා දේවල් ගැනත් ටිකක් දැනගත්තොත් හොදයි නේද....

  • ඔයාලා දන්නවාද 'Louis Armstrong' තමයි  UK top chart හි පළමු තැනට තම ගීතයක් ගෙන ආ වයස් ගතම පුද්ගලයා, ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 67 ක්!...:) ඔහු 1968 අවුරුද්දේදී ‘What A Wonderful World’ නමැති ගීතයෙන් තමයි මේ පෙරලිය කලේ...

Thursday, June 21, 2012

සාගරයේ දඩයක්කරු (මෝරුන් ගැන. . .)

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු පළමු ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio



යාලුවනේ අද නම් මම ඔයාලව හොයාගෙන ආවේ වෙනදාට වෙනස් දෙයකුත් අරගෙනයි... මේ දවස්වල නිවාඩු නිසා දවසම කරන්නේ කාමරයට වෙලා ෆිල්ම්ස් බලන එක තමයි.  ඉතින් අහම්බෙන් වගේ බලන්න ලැබුණු   Shark Tale (2004) ෆිල්ම් එක හින්දා මෝරුන් ගැනවත් ටිකක් හොයල බලන්න ඕනි කියලා හිතුවා, සාගර විද්‍යාව හදාරන මගේ යාලුවෙක්ගෙන් මම මෝරුන් ගැන ගොඩක් කතා දැනගත්තා. මුහුදේ ජීවත්වෙන දරුණුම කෙනා ගැන මොන කතාද, හ්ම්ම්... මෝරුන්ට අකමැති යාලුවන්ට එහෙම හිතුනට සමහර කාටුන් චිත්‍රපටි බලලා මෝරෙක් ගෙදර ගෙනල්ලා වුනත් ඇතිකරන්න කැමති යාලුවනුත් ඉන්න පුළුවන්... හේ හේ , ඉතින් විස්තර දැනගන්න දිගටම කියවලා බලන්නකෝ...