Friday, June 22, 2012

වෙණ තතෙන් මැවුණු රහස්...

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු දෙවැනි ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio


ඉතින්  යාළුවනේ ආයෙමත් අපි මුණ ගැහුනා නේද, ම්ම්ම්... මටනම්  තව අවුරුද්දක් විතර කැම්පස් ස්ට්‍රයික් එක තියෙයි වගේ, මතක වෙද්දීත් ආසාවේ බෑ...( අපේ ස්ට්‍රයික් කතාවත් කියවමුද..) හේ හේ , ඉතින් මේ දවස්වල බැච් ෆිට් එක හදාගන්නත් එක්ක හොදයි කියලා හිතලා මාරුවෙන් මාරුවට යාලුවන්ගේ ගෙවල්වල ඇවිදින්න යන එක තමයි ලොකුම රාජකාරිය, ඉර පායලා කළුවර වැටෙනකන්ම කරන්නේ කොළඹ යාලුවෝ කට්ටියම එකතුකරගෙන උපන්දා ඉදන් හිටපු ගමේ මමත් නොදැකපු තැන් වල ලිස්ට් එකකුත් හදාගෙන දවල් කාලයේ වීදි සංචාරය කරන එක තමයි... (අපි ගිය තැන් ගැනත් බලන්න ආසද)  ඉතින් යාලුවොත් එක්ක සින්දුවක් කියලා විනෝද වෙනකොට අලුත් දෙයක් කල්පනා වුණා,
මගේ  යාළුවෝ හැමෝම සංගීතයට ගොඩාක් කැමතියි නේද , :) හ්ම්..අද අපි ලෝක සංගීතයේ  නොදන්නා දේවල් ගැනත් ටිකක් දැනගත්තොත් හොදයි නේද....

  • ඔයාලා දන්නවාද 'Louis Armstrong' තමයි  UK top chart හි පළමු තැනට තම ගීතයක් ගෙන ආ වයස් ගතම පුද්ගලයා, ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 67 ක්!...:) ඔහු 1968 අවුරුද්දේදී ‘What A Wonderful World’ නමැති ගීතයෙන් තමයි මේ පෙරලිය කලේ...

  • සංගීත භාණ්ඩ හැසිරවීමේදී වඩාත්ම කාර්ශුර මොළයක හිමිකරුවන් සිටි නම් ඒ පියානෝ වාදකයෙක්...ඔව්, ජර්මානු විද්‍යාඥයින් පිරිසක් විසින් සංගීතය හැසිරීමේදී මොළයේ ක්‍රියාකාරිත්වය දෙස බලා මෙය සනාථ කර තිබෙනවා....
  • ලෝකයේ මෙතෙක් ලියවුණු සින්දු අතරින් දිගම ගීතයට හිමි දිගම නමට හිමිකම් කියන්නේ
    'I'm a Cranky Old Yank in a Clanky Old Tank on the Streets of Yokohama with my Honolulu Mama Doin' Those Beat-o, Beat-o Flat-On-My-Seat-o, Hirohito Blues' ...හෆොයි, හදිස්සියට කියවගන්න එහෙම වුනොත් ලොකු අමාරුවක තමයි වැටෙන්න වෙන්නේ... හී හී...:)  මේ සින්දුවනම් ලියලා තියෙන්නේ Hoagy Carmichael විසින් වර්ෂ 1943 දි...
  • ජපානයේ ජාතික ගීය පද පේලි හතරකට පමණක් සීමා වෙනවා කියලා ඇහුවම ටිකක් පුදුමත් හිතෙනවා,
    ඇත්තටම පොඩිකාලේ  ඉස්කෝලේදී ජාතික ගීතය කටපාඩම් කරන්න ගිහින් විදපු දුක මතක වෙනකොට ජපානේ ගැනනම් ටිකක් ඉරිසියාවකුත් හිතෙනවා නේද...හේ හේ :)
    "Kimi ga yo wa , Chiyo ni yachiyo ni
     Sazare ishi no
     Iwao to nari te
     Koke no musu made"
    (Japanese national anthem)
    එතකොට දිගම ජාතීක ගීතෙට හිමිකම් කියන්නේ ග්‍රීසියයි... එයාලානම් පව් ,..:( දුකේ බෑ...  ඔවුන්ගේ ජාතීක ගීතයට පද පේළි 158 ක්  ඇතුලත් වෙනවා...
  • තව පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනවා, ඒ තමයි අපේ heavy metal music අහන යාළුවන්ට නම් ගෙවල් වල තියෙන ලී බඩු එහෙම ගොඩාක් පරිස්සම් කරගන්න වෙයි කියලා, මොකද heavy metal සංගීතය ඇහෙනකොට වේයෝ දෙගුණයක වේගයෙන් ලී කා දමනවාලු... අම්මලා තාත්තලා නම් මේක දැනගත්තොත් සින්දු අහලත් හමාරයි... හී හී...:)




    ඔයාලගේ අමතර දැනුමට මගෙන් අලුත් දෙයක් එකතුවුනානම් ගොඩාක් සතුටුයි... නිතර දෙවේලේ හමුවන දෙයක නොදන්නා පැත්ත ගැන කතා කරන්න මම ඉක්මනටම ආපහු එන්නම්කෝ...:)

               *                     *                     *                     *                     *          

2 comments:

  1. නොදන්නා දේවල් ගැන කරන දැනුවත් කිරීමට ඔයාට ගොඩක් ස්තුතියි :)

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරී ඔයාටත් ගොඩක් ස්තුතියි...අලුත් දේයක් ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්නම්කෝ...

      Delete