Sunday, July 8, 2012

ඔයා ආසා කරන පාට ගැනත් දැනගමුද?

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු සිව්වැනි ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio


 ඉතින් යාළුවේ ඔයා වැඩියෙන්ම කැමති  පාට මොකක්ද? :) අපි හැමෝම ලස්සන පාට වලට ගොඩක් කැමතියි; ඒ වගේම අපිටම වෙන්වුණු විශේෂ වර්ණයකුත් තියෙන්න පුළුවන්...එත් ඇත්තටම පාට වලින් කියෙවෙන්නේ මොන වගේ දේවල්ද?... ඒවා වඩාත් ගැලපෙන්නේ මොන වගේ අවස්ථාවලටද?... ඉතින් මේ ලස්සන ලෝකේ ඉන්න ඔයාලට විශේෂිත වූ ඒ වර්ණ  ගැන අද  අපි ටිකක් හොයලා බලමු නේද!


"කළු" පාටට ආස ඔයාලට...


මම මේ නිකමට වගේ අහන්නේ, ඇත්තටම ඔයා කළු පාටට ආසද? හේ හේ :) ...ඔයා දන්නවාද; කළු පාට තමයි තමන්ගේ ආධිපත්‍යයය පතුරුවාගෙන බලය වැඩිකරගන්න අවශ්‍ය කෙනෙක්ට වඩාත්ම ගැලපෙන වර්ණයයි...,ඒ වගේම ටිකක් ටිකක් මහත අයට විලාසිතාවලදී වැඩියෙන්ම අදින්න සුදුසු පාට තමයි කළු... , (කළු පැහැය මගින් ආලෝකය වැඩි වශයෙන් අවශෝෂණය කරගන්නා නිසා අදුරු වස්තුවක විශාලත්වය අපිට පෙන්නේ එහි සබැ ප්‍රමාණයට වඩා මදක් අඩුවෙලා) හැබැයි මට නම් කළු අදින වැඩේ ටිකක් වියදම් වැඩියි, මොකද ඉතින් අපි කළු ඇන්දොත් නම් ෆැෂන් එක දිහා කරදරයක් නැතිව බලන්න ඕනි නිසා කට්ටියටම අත් කාචය ගානේත් බෙදල දෙන්න වෙනවනේ: හී හී...:ඩි



මෙන්න සුදෝ "සුදු" ගැනත්...




සුදු වර්ණයෙන් තමයි යාළුවනේ අහිංසකකම, නිර්මල බව, පාරිශුද්ධත්වය වගේ දේවල් නිරුපනය වෙන්නේ.., ඉතින් ඔයාලා දන්නවද ; මමත් කැමතිම සුදු පාට තමයි... හේ හේ .... හැබැයි මම සුදු පාටට ආස කලේ සුදු පාටින් නිරුපණය වෙන දේවල් ටික දැනගන්නත් ගොඩාක් කලින් ඉදලා තමයි හොදේ... :))) ඉතින් මේ ලස්සන සුදු පාටින් වැඩිපුරම වාගේ සංකේතවත් වෙන්නේ පිවිතුරු බවයි,... ගිම්හාන කාලයේදී විලාසිතා වලට හොදින්ම ගැලපෙන්නේ සුදු පැහැයයි...(ඒ සුදු වර්ණය ඒ මතට වැටෙන හොදින් ආලෝකය පරාවර්තනය කරන නිසා ගිම්හානයේදී පැළදගෙන සිටීමට වඩාත් පහසු නිසයි), ඕනෑම අවස්ථාවකට ගැලපෙන නිසාත් , සැහැල්ලු බවක් මවමින් වෙනත් වර්ණ සමග හොදින් ගැලපෙන නිසාත් විලාසිතා නිර්මාණ වලදී බහුලව සුදු වර්ණය යොදා ගන්නවා...

"රතු" පාටට නම් කොහොමත් කැමතියි නේද...


රතු කියද්දීනම් ඉතින් ආදරේ ගැන තමයි වැඩිපුරම මතක වෙන්නේ... මොනාවුනත් හරිම ලස්සන පාටක් නේද? ඇත්ත තමයි ,රතු වර්ණය තමයි දැනට තිබෙන වර්ණ අතරින් වඩාත්ම විචිත්‍ර වර්ණය... ඉතින් මේ රතු පාටට භාවාත්මක හැගිම් වඩාත් තීව්‍ර කරන්න පුළුවන්ලු, රතු වර්ණයට හදවතේ ක්‍රියාකාරිත්වය සහ ස්වසන පද්ධතියේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරන්නත් පුළුවන්...(එත් රතු පාටේම ලා වර්ණයක් වෙන රෝස වර්ණය යොදාගැනීමෙන් නම් වඩාත් සන්සුන් ස්වභාවයක් ඇති කරගන්නට පුළුවන්ලූ) රතු පැහැති ඇදුම් වඩාත් දීප්තිමත් මෙන්ම වඩාත් කැපී පෙනෙන හින්දාම ගණුදෙනු කටයුතු කිරීමේදී හා පුද්ගලයින් සමග සිදුකරන සුහදශීලි කටයුතු සදහා රතු පාට යොදාගැනීම එතරම් යෝග්‍ය නැතිලු.. :( 


වැඩිම ඉල්ලුම "නිල්" පාටට...



අපිට එදිනෙදා ජීවිතයේදී වැඩිපුරම දකින්න පුළුවන් පාට තම නීල වර්ණය; අහසේ ,මුහුදේ ... අයි එතකොට ඈතින් පෙන කදු යායවල්... ඒ වගේම ලොව පුරා වෙසෙන පුද්ගලයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් කැමතිම වර්ණය වන්නේ නිල් පැහැයයි...එමෙන්ම රතු වර්ණයට සැම අතින්ම ප්‍රතිවිරුද්ධ ගුණ ඇති වර්ණය වන්නේත් නිල් වර්ණයයි..  :( ඒ කියන්නේ රතුයි -නිලුයි ? අනේ මන්දා...  නිල වර්ණයට වැඩිපුර නිරාවරණය වීමෙන් ශරීරය තුල පුද්ගලයෙක්ට සාමකාමීව  නිශ්චලව සිටීමට  අවශ්‍ය රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් නිපදවීම සිදු වෙනවාලු...ඒ වගේම නිල් නිදන කාමර සදහා වඩාත්ම සුදුසු වර්ණයයි, (හෆෝයි; මම නම් කීයටවත් බෙඩ් රූම් එකේ නිල් පාට නම් ගාන්නේ නෑ! දැනටමත් දවසින් තුන කාලක් විතර නිදගන්න මට නිල් පාට පෙනුනොත් එහෙම මොනා වෙයිද මන්දා... :පී );  රැකියාවල සම්මුඛ පරීක්ෂණ සදහා යන්න සුදානමින්ද ඔයත් ඉන්නේ?  එහෙමනම් පක්ෂ පාතිත්වයේ සංකේතය වන නිල්පැහැය ඔයාට ගොඩක් වැදගත් වෙවී...

ඇසට ප්‍රිය උපදවන "කොළ" පැහැය...


කොළ වර්ණයෙන් වැඩිපුරම නිරුපනය වන්නේ  ස්වභාව ධර්මයයි...ඉතින් බොහෝ සැරසිලි කිරීමේදී බහුලව කොළ වර්ණය යොදාගන්නවා, එත් සන්ධ්‍යා භාගයේ තිබෙන ප්‍රිය සාද වලට නම් කොළ පැහැති ඇදුම ඇදීම එතරම් සුබ ලකුණක් නෙමෙයිලු...සියලුම වර්ණ අතරින් පියවි ඇහැට වඩාත්ම ප්‍රියමනාප වර්ණය කොළ පැහැයයි; කොළ පැහැති වස්තු දෙස වැඩිපුර වෙලාවක් බලා සිටීමෙන් අපේ ඇස් වල පෙනීමේ හැකියාව තවත් වැඩිකරගන්න පුළුවන්ලු!!!  කොළ පැහැති පසුබිමක හිටියොත් කෙතරම් වෙහෙසකර වුනත් ඔයාට ලොකු විවේකී බවක් දැනේවී, හ්ම්ම්... පොඩ්ඩක් ඉන්න.... ඔයාලටත් වාසනාව තියෙනවානේ...මම දන තමයි දැක්කේ, :))) තද කොළ වර්ණය භාවිතයෙන් බලවත් මෙන්ම වත් පොහොසත්කම් වලට උරුමකම් කියන්නත් පුළුවනිලු;  

සිත් නිවන සුභවාදී "කහ"...


මේ හැම වර්ණයක්ම අතරින් සර්වසුභාවාදී වර්ණය ලෙස හදුන්වන්නේ කහ වර්ණයයි... ඉතින් මගේ යාලුවෝ අතරේ ටිකක් වැඩිපුර තරහ යන යාලුවොත් ඉන්නවා ඇතිනේද...:) ම්ම්ම්...ඔන්න ඔයාලට ටිකක් සුබ ආරන්චියක් කියන්න තියෙනවා...ඒ තමයි ඔයා කහ පැහැය ආලේප කරපු කාමරයක් තුලට වෙලා දවසේ වැඩිපුර ප්‍රමාණයක් ඉන්න පුරුදු වුණාම ඉබේම ඔයාගේ තරහ යන ගතියත් ඉබේම අඩු වෙලා යාවි...අනේ එහෙම වෙනවානම් කොච්චර හොදයිද නේද! හෆෝයි, එත් වැඩේ හරි ගියේ නැද්ද???; හා හා බයවෙන්න එපා! එහෙනම් තව විසදුමකුත් ඔයාලට තියෙනවා,  ඔයාලා නිදාගද්දී කහ පාට කොට්ටයක් පාවිච්චි කරලත් බලන්නකෝ...මොකද මේ දීප්තිමත් කහ පාටට සිත එකග කරන්න හොද හැකියාවක් තියෙනවාලුනේ..!
 දීප්තිමත් කහ පාට ඇදුමක් ඇදගෙන යනකොට ඔයාලට වෙනත් අයගේ සැලකිල්ල වැඩිපුර ලබාගැනීමේ හැකියාව වැඩිපුර ලැබෙනවා, උදේ පාන්දරම තද කහ පැහැති ඇදුමක් ඇන්දාම දවස උද්යෝගිමත්ව ගත කරන්න පුළුවන්ලු...එතකොට එක එක කිරි ජාති නොබී වුනත් ඔයාගේ දවස ප්‍රභෝධමත්ව අරබන්න පුළුවනි... හේ හේ ...

"දම්" පාට හැන්දෑවේ... හිරු බසින මේ යාමේ...


ඔයාලට කවදා හරි දවසක රජ වෙන්න එහෙම අදහසක් තියෙනවද? දම් පාටට කැමති ඔයාලා බලනවා ඇති දැන් හොදට හිටපු ළමයගේ ඔලුව එක පාරම බිත්තියේ වැදුනේ කොහොමද කියලා.. හී හී..:) ඔන්න එකට හේතුව තමයි
රාජ්‍යත්වයේ වර්ණය ලෙස හදුන්වන්නේ දම් පාට වීම...ඔන්න ඉතින් ඔයාලට දම් පාට නිසා සුකෝපභෝගී ජීවිතයක් ගත කරන්න වාසනාවකුත් තියෙනවා... තව දෙයක්, කාන්තා පාර්ශවයට විවිධ වර්ණ වලින් වඩාත්ම ගැලපෙන වර්ණය වන්නේ දම් පැහැයලු...

❇❇ තවත් ලස්සන බ්ලොග් පිටුවකින් අපි අයෙමත් හමුවෙමුකෝ: එහෙනම් අදට මම ගිහින් එන්නම් ❇❇

7 comments:

  1. මේ අනේ රෝස පාට නැද්ද හ්ම්ම්? :(
    කොහොම හරි කමක් නැහැ මම නම් රෝස,කළු,සුදු කියන පාටවලට තමා ආසම! :)

    ReplyDelete
    Replies
    1. ""(එත් රතු පාටේම ලා වර්ණයක් වෙන රෝස වර්ණය යොදාගැනීමෙන් නම් වඩාත් සන්සුන් ස්වභාවයක් ඇති කරගන්නට පුළුවන්ලූ) ""

      මේ තියෙන්නේ රෝස පාට, හැබැයි චුට්ටම චුට්ටයි...

      හරි වැඩේ මමත් ආස රෝස, සුදු තමයි!!! එත් කළු වලට නම් නෑනේ :(

      Delete
    2. :) :) හ්ම්ම්..හ්ම්ම්..

      Delete
  2. මම ආස සුදු+කළු=අළු වලට..හැබැයි ලග්නෙට නම් ජය වර්ණය ක්රීම් පාට:)

    ReplyDelete
    Replies
    1. අනේ රූ, අළු පාට ගැනනම් මම දන්නේ නැතෝ, ඔය සුදු පාටයි කළු පාටයි දෙකම කියවලා ඒ දෙක එකතු කරලා ඔයාගේ පාට ගැන විස්තරයක් හදාගන්නකෝ...හේ හේ :)

      Delete
  3. මොන පාටද අදින්නේ කියා කම්පනා කරමින්...... :)

    ReplyDelete
    Replies
    1. හේ හේ..නාඩි , එක පාටක් නම් හරියන්නේ නැති වේවි,..ඔක්කොම පාට තියෙන මල්ටි කලර් ඇදුමක්වත් අපි හදා ගමුකෝ...!

      Delete