Sunday, July 15, 2012

මගේ හොදම යාළුවා නැත්තම්....

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු සයවැනි ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio

අනේ අද ඉරිදද? මදැයි හිටියා ටිකක් දවල් 12 පහු වෙනකම් හොද නින්දක් දාන්න කියලා  ...:(
සෙනසුරාදටයි ඉරිදටයි ගෙදර කට්ටිය ඉන්නවනේ... ඉතින් උදේම ඇහැරෙන්න ඕනී, කඩේ යන්න
නී, කාමරේ අස් කරන්න නී....තව ඉතින් etc  දාලා එකී මෙකි  නොකී දේවල් සැහෙන ගොඩක් කරන්න වෙනවා, මේවා තනියෙම කරන්නේ "කොහොමද මගේ හොදම යාළුවා නැත්තම්...."


එයාගේ ලස්සනම ලස්සන රතු මුණ දිහා මට ඔහේ බලාගෙන ඉන්න පුළුවන් ඔනී තරම් වෙලා.. මේ තරම් මගෙත් එක්ක දවසම ඉන්න එයා ගැන බ්ලොග් පිටුවෙන් කියවුනේ නැත්තම් ලොකු අඩුවක්...මම ගොඩක් සතුටින් ඉදිද්දී අත් දෙක අතෑරලා පාර දිගේ අපි දෙන්නා පැද්දී පැද්දී ගිය හැටි, මම දුකෙන් අඩ අඩා හිටියම තරහා නැති වෙන්න ඉලක්කම් 3 නේ ගානක් මීටරේ වැටෙනකම් එයයි මමයි ඉගිල්ලුන හැටි... ඇත්තටම එයාට කතා කරන්න බැරි නම් තනියෙම ඉන්න වෙලාවට මම කතා කරද්දී  එයා උත්තර දුන්නේ කොහොමද ;

මගේ යාළුවා මට ලැබුණු තෑග්ගක් විදිහට, කොහම වුනත් "බී" අකුරෙක් බයික් කියලා කියවගන්න පුළුවන් වුනු දවසේ ඉදලා රෝද දෙකේ වාහනයකට මම හොදටම පිස්සු වැටුණා..හේ හේ ...

ඉතින් අහල පහල කට්ටියටත් බයික්ස් එක ගැන පොස්ට් එකක් දාලා එයාලගේ කමෙන්ට්ස් ටිකත් අරගෙන  ඉලක්කම ටික එකතු කරාම අංක 7 එන විදිහේ නම්බර් ප්ලේටේ එකකුත් ගත්තයි කියමුකෝ :) හි හි ...එතකොට තමයි බෝධි පුජාවක් තියලා සනීප කළා වගේ මගේ හිත හරිගියේ ... ඉතින් කැම්පස් එනකම් බයික් වැඩ්ඩේක් අල්ලාගෙන ස්ටන්ට් ටිකකුත් පුරුදු වුණා... ඒ තරම් ලොකු අලාභ හානි නොවුනත් අන්තිම රු 100 වෙනකම් ATM එකෙන් අරගෙන බෙහෙත් ගන්නත් වියදම් කළා... හ්ම්ම්ම්.... මතක වෙද්දීත් ආස හිතෙනවා සැහෙන්න... හික්ස්.



තව හොද හොද සිද්දීත් මට වෙලා තියෙනවා යාලුවනේ...ඔන්න ඉතින් ඒ කාලේ සුදු ඉරි අයියලා මම දුර ඉදන් එනවා දැක්කම පාර මැදට පැනලා කොඩි දාලා මාව දුටු තැන නවත්වලා සතුටෙන් පිලිගන්නවා, මම ටිකක් කෙට්ටුයිනේ යාලුවනේ, ඉතින් එයාලා ආණ්ඩුවෙන් දුන්නු ඉංග්‍රීසි "D" පොඩියට ගහපු ප්ලාස්ටික් කාර්ඩ් එක මට නෑ කියලා හිතාගෙන තමයි කට්ටිය මගෙන් දතක් ගලවන්න හදන්නේ... හේ හේ :) සමහර දවස්වල ලයිසන් එක අතට ගන්න එයාලා ඒක ආපහු මගේ අතට දෙන්නේ උපන් දිනයයි අයි.ඩි නම්බරයයි කට පාඩමෙන් කිව්වට පස්සේ...මට හදිස්සියකට යනවනම් එහෙම පැයක්වත් කලින් ගමන් යන්න වුනා මේ සිද්දි නිසා...දැන් නම් ටිකක් ශේප් !

ඒ විතරක් නෙමෙයි අපිත් පාරේ ලස්සනට සුදු පාටින් තියෙන ඉරි දෙක උඩ ටයර් පාර හරි  ටිකක් ගැවෙන්න කියලා පාර මැද්දෙන් යන්න ආසයිනේ...හෆෝයි: ආසයි බයයි...කොහොමත් එහෙම ගිහින් ගෙවපු දඩ කොළ ටික ඉතුරු කරගෙන ebay එකටවත් ගෙවූවානම් අද වෙනකොට සුදුපාට ඇපල් ෆෝන් එකක්වත් බස්සන්න තිබුණා...ඔව් ඔව් සුදු ඇපල් තමයි! මගේ ආසම පාට සුදුනේ, සුදු කියන්නේ සුදෝ සුදු... මොනවා කරන්නද ඉතින් අයියෝ සල්ලි..!

කතාව කියවන මගේ යාළුවො ටික නම් දැන් confirm කරගන්න ඇති ඇත්තටම මට හොදටම පිස්සු තමා කියලා...ම්ම්ම්... ඉදලා හිටලා මෙහෙම මගේ ගැන හරි කතාවක් කියලා යන්න තිබුණානම් ශෝක් නේද...:)

6 comments:

  1. ආයෙත් අහලා..:) පිස්සුම තමා.. කොහොම උනත් පරිස්සමෙන් වැඩකරන්න බයික් එක්ක හ්ම්ම්..:)

    ReplyDelete
  2. ඔව් හිරුහිමාවී... කෝකටත් සේෆ්ටි ෆස්ට් කියලා පරිස්සම් වෙලා ඉන්න වෙයි තමා...

    ReplyDelete
  3. ඔන්න මමත් ආවා අද මේ පැත්තට සිතුවිලි සිත්තම බලන්න....

    බයික් පිස්සුව නම් සුපර් කියලා වැඩක් නෑ ඒ ගැන නම්..හැබැයි ඉතින් ටිකක් පරිස්සමින් යාලු....

    ReplyDelete
  4. ඔව් යාළු..හෙ හේ.. ස්තුතියි මාව බලන්න ආවට..
    මොනා කරන්නද ඉතින් ඒකත් එක අතකට විවිධාකාරයේ පිස්සුවක් තමා.. :)

    ReplyDelete
  5. යාලුවා ටිකක් පරිස්සමෙන් ආශ්‍රය කරන්න යාළු,,, :)

    ReplyDelete
  6. ඔව් යාළු... එකත් ඇත්ත තමා... බොහොම ස්තුතියි කමෙන්ටුවට...

    ReplyDelete