Showing posts with label මගේ ගැනත් කියන්නම්කෝ.... Show all posts
Showing posts with label මගේ ගැනත් කියන්නම්කෝ.... Show all posts

Thursday, July 26, 2012

සාමානයෙන් අසාමාන්‍ය වේගයක්...

ඔන්න ඉතින් මාසයක් ගෙදර හිටපු අපිත් දැන් කම්මැලිකමේ උපරිමයටත් වඩා ටිකක් කම්මැලි වෙලා වගෙයි...හෆොයි...දැන් නම් ඒ ගැන කියන්නත් කම්මැලියි වගේ...හී හී..මේ හැම දෙයකටම  මුල තමයි උදේ 11 ට ඇහැරිලා පටන් ගන්න, එත් ටිකක් අසාමන්‍යයි කියලා හිතෙන කොහොමවුණත් මට සාමාන්‍ය මගේ  දිනචරියාව ...හේ හේ....


මමනම් ඉතින් කන්න ගියත් පැය ගානක් අත ගගා ඉදලා කන එක තමයි මගේ පුරුද්ද...පොඩිකාලේ ඉදන්ම එහෙම තමයි...ගෙදර කට්ටියත් කිව්වේ කැම්පස් ගියාම ඕවා ඉබේම හැදෙයි කියලා...කෝ ඉතින් එහෙම වෙලා නෑ නොවැ...

අපි හිතනවාටත් වඩා වේගයෙන් වැඩ කරන යාළුවෝ ටිකක් ගැන මට පොඩි ආරංචියක් ආවා....ඇත්තටම අපි සාමන්‍ය වේගයෙන් කරන පොඩි දෙයක් වුනත් හයිස්පීඩ් කරන්න පුළුවන් විදිහට හැකියාවක් තියෙන දක්ෂයෝ අපි අතරෙම ඕනී තරම් ඇති....බලන්නකෝ මෙයාලගේ වැඩ ටික කොහොමද කියලා...ම්ම්ම්...මටනම් ඉතින් සෙට් එක ගින්දර!...:)




ලෝකයේ වේගවත්ම කට්ටිය....


ලෝකයේ වේගවත්ම වෙඩි තබන්නා : Jerry Miculek  එක් තත්පරයක් ඇතුලත වෙඩි උණ්ඩ 8 ක් ! හැබැයි ඉතින් හැමෝම මේ වගේ වුනොත් නම් මැෂින් තුවක්කු ඕනි වෙන්නේ නෑ තවත්...:)

ලෝකයේ වේගවත්ම කෝප්ප හසුරුවන්නා : Emily Fox පොඩි වුනාට නියම වැඩ්ඩේක්!

ලෝකයේ
වේගවත්ම අප්පුඩි ගසන්නා : Kent මිනිත්තුවකදී අත්පුඩි 721 ක් ! තත්පරයකදී අත්පුඩි 14 ක් !
ලෝකයේ වේගවත්ම ධාවකයා : Usain Bolt තත්පර 9.58 ! එක් තත්පරයකදී මීටර් 10 කටත් වැඩි දුරක් !


ලෝකයේ වේගවත්ම ඇදුම් ඉවත්කරන්නා ( undresser ) : තත්පර 7 කදී සියලුම ඇදුම් ඉවත් කරයි ! හික්ස් ...

ලෝකයේ වේගවත්ම පාපන්දු ගෝලය ලබාගැනීම : Nawaf Al Abed තත්පර 2 කදී goal එකක් !


ලෝකයේ වේගවත්ම මුද්දර සලකුණු කරන්නා (stamper) : තත්පරයකදී ලියුම් කවර 7 කට සීල්  !

ලෝකයේ වේගවත්ම  රුබික්‌ කැට විසදන්නා : තත්පර 9 කින් !

ලෝකයේ වේගවත්ම පීසා (pizza) සාදන්නා : තත්පර 49.1 කදී විශාල පීසා 3 ක්  !

ලෝකයේ වේගවත්ම උණ්ඩ නැවත පුරවන්නා (gun reloader) : Travis Tomasic



මේ විස්තර ඔක්කොම පහල වීඩියෝවේ තියෙනවා...ඔයාලත් කොහොමහරි බලන්නකෝ යාළු...






මේ තමයි දැනට ලෝකයේ වේගවත්ම කට්ටිය...ඉස්සරහට තවත් අය බිහි වෙයි...ඔයාලත් වේගයෙන් කරන මොනාහරි තියෙනවානම් කමෙන්ට් කරද්දී ලියලම යන්නකෝ...

Sunday, July 15, 2012

මගේ හොදම යාළුවා නැත්තම්....

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු සයවැනි ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio

අනේ අද ඉරිදද? මදැයි හිටියා ටිකක් දවල් 12 පහු වෙනකම් හොද නින්දක් දාන්න කියලා  ...:(
සෙනසුරාදටයි ඉරිදටයි ගෙදර කට්ටිය ඉන්නවනේ... ඉතින් උදේම ඇහැරෙන්න ඕනී, කඩේ යන්න
නී, කාමරේ අස් කරන්න නී....තව ඉතින් etc  දාලා එකී මෙකි  නොකී දේවල් සැහෙන ගොඩක් කරන්න වෙනවා, මේවා තනියෙම කරන්නේ "කොහොමද මගේ හොදම යාළුවා නැත්තම්...."


එයාගේ ලස්සනම ලස්සන රතු මුණ දිහා මට ඔහේ බලාගෙන ඉන්න පුළුවන් ඔනී තරම් වෙලා.. මේ තරම් මගෙත් එක්ක දවසම ඉන්න එයා ගැන බ්ලොග් පිටුවෙන් කියවුනේ නැත්තම් ලොකු අඩුවක්...මම ගොඩක් සතුටින් ඉදිද්දී අත් දෙක අතෑරලා පාර දිගේ අපි දෙන්නා පැද්දී පැද්දී ගිය හැටි, මම දුකෙන් අඩ අඩා හිටියම තරහා නැති වෙන්න ඉලක්කම් 3 නේ ගානක් මීටරේ වැටෙනකම් එයයි මමයි ඉගිල්ලුන හැටි... ඇත්තටම එයාට කතා කරන්න බැරි නම් තනියෙම ඉන්න වෙලාවට මම කතා කරද්දී  එයා උත්තර දුන්නේ කොහොමද ;