Thursday, June 28, 2012

අයෙත් යමුකෝ ඉතින් කැම්පස්... :(

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු තෙවැනි ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio


කොහොමද මගේ ආදරණිය යාලුවනේ, ටික දවසකට බ්ලොග් එක පැත්තෙත් එන්න බැරිවුණා...(හෆෝයි...) ගෙදරම ඉදලා දන නම් හරිම කම්මැලි වෙලා, කොහොම කොහොම හරි අපිට පිනට ලැබුණු නිවාඩුවත් ඉවරායි කියලා ආතක් පාතක් නැතුව කොහෙන්දෝ අසුභම අසුභ ආරංචියකුත් ආවා... අපි ඉතින් අසුභයි කිව්වට පඩි වැඩිවුණු අයනම් රබන් ගහන්න ඇති සන්තෝසෙට... හ්ම්ම්, ඉතින් ඇත්තටම කැම්පස් ළමයි මේ ස්ට්‍රයික් එක ගැන මොනවා හිතනවා ඇද්ද ! ම්ම්ම්... මේ පින්තුර ටික බැලුවම ඔයාලට මතුපිටින් පේනවාට වඩා දෙයක් දැනෙයි ... :)



Friday, June 22, 2012

වෙණ තතෙන් මැවුණු රහස්...

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු දෙවැනි ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio


ඉතින්  යාළුවනේ ආයෙමත් අපි මුණ ගැහුනා නේද, ම්ම්ම්... මටනම්  තව අවුරුද්දක් විතර කැම්පස් ස්ට්‍රයික් එක තියෙයි වගේ, මතක වෙද්දීත් ආසාවේ බෑ...( අපේ ස්ට්‍රයික් කතාවත් කියවමුද..) හේ හේ , ඉතින් මේ දවස්වල බැච් ෆිට් එක හදාගන්නත් එක්ක හොදයි කියලා හිතලා මාරුවෙන් මාරුවට යාලුවන්ගේ ගෙවල්වල ඇවිදින්න යන එක තමයි ලොකුම රාජකාරිය, ඉර පායලා කළුවර වැටෙනකන්ම කරන්නේ කොළඹ යාලුවෝ කට්ටියම එකතුකරගෙන උපන්දා ඉදන් හිටපු ගමේ මමත් නොදැකපු තැන් වල ලිස්ට් එකකුත් හදාගෙන දවල් කාලයේ වීදි සංචාරය කරන එක තමයි... (අපි ගිය තැන් ගැනත් බලන්න ආසද)  ඉතින් යාලුවොත් එක්ක සින්දුවක් කියලා විනෝද වෙනකොට අලුත් දෙයක් කල්පනා වුණා,
මගේ  යාළුවෝ හැමෝම සංගීතයට ගොඩාක් කැමතියි නේද , :) හ්ම්..අද අපි ලෝක සංගීතයේ  නොදන්නා දේවල් ගැනත් ටිකක් දැනගත්තොත් හොදයි නේද....

  • ඔයාලා දන්නවාද 'Louis Armstrong' තමයි  UK top chart හි පළමු තැනට තම ගීතයක් ගෙන ආ වයස් ගතම පුද්ගලයා, ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 67 ක්!...:) ඔහු 1968 අවුරුද්දේදී ‘What A Wonderful World’ නමැති ගීතයෙන් තමයි මේ පෙරලිය කලේ...

Thursday, June 21, 2012

සාගරයේ දඩයක්කරු (මෝරුන් ගැන. . .)

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු පළමු ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio



යාලුවනේ අද නම් මම ඔයාලව හොයාගෙන ආවේ වෙනදාට වෙනස් දෙයකුත් අරගෙනයි... මේ දවස්වල නිවාඩු නිසා දවසම කරන්නේ කාමරයට වෙලා ෆිල්ම්ස් බලන එක තමයි.  ඉතින් අහම්බෙන් වගේ බලන්න ලැබුණු   Shark Tale (2004) ෆිල්ම් එක හින්දා මෝරුන් ගැනවත් ටිකක් හොයල බලන්න ඕනි කියලා හිතුවා, සාගර විද්‍යාව හදාරන මගේ යාලුවෙක්ගෙන් මම මෝරුන් ගැන ගොඩක් කතා දැනගත්තා. මුහුදේ ජීවත්වෙන දරුණුම කෙනා ගැන මොන කතාද, හ්ම්ම්... මෝරුන්ට අකමැති යාලුවන්ට එහෙම හිතුනට සමහර කාටුන් චිත්‍රපටි බලලා මෝරෙක් ගෙදර ගෙනල්ලා වුනත් ඇතිකරන්න කැමති යාලුවනුත් ඉන්න පුළුවන්... හේ හේ , ඉතින් විස්තර දැනගන්න දිගටම කියවලා බලන්නකෝ...

Wednesday, June 20, 2012

ඇතුවත් බැරි නැතුවත් බැරි ස්ට්‍රයික් . . !

   

අලුත් බ්ලොග් පිටුවකින් මගේ යාළුවෝ  අතරට එන්න ලැබිම ගොඩක් සතුටක්... මේ දවස්වල අහම්බෙන් ලැබුණු කැම්පස් නිවාඩුව අර්ථවත් වැඩකට යොදවන්න හොද අවස්ථාවක් වුණා. දැන් කැම්පස් වලත්  ස්ට්‍රයික් කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලා :) ලේක්චර්සලා , අනධ්‍යන සේවකයෝ , විශ්ව විද්‍යාල සිසුන් තරගෙට ස්ට්‍රයික්  කරනවා, හේ හේ ... ඉතින් එක්සැම් ඉවර වුනාමවත් කොහේ හරි ට්‍රිප් එකක් යන්න ඕනියෝ කිය කියා හිටපු අපිට නම් මේ දෙවියෝ දුන්නු තෑග්ගක්... හ්ම් හ්ම්

ඉතින් මේ ගැන කල්පනා කරනකොට ගොඩාක් යාළුවො ස්ට්‍රයික් ගැන නොදන්නා දෙයක් ඔයාලට කියා දෙන්න හිතුවා... ම්ම්ම්... ඇත්තටම කව්ද මුලින්ම ස්ට්‍රයික් කරන්න හොයාගත්තේ ? කවුරු වුනත් වටිනා කියන අදහසක හිමිකරුවෙක්!