Wednesday, June 20, 2012

ඇතුවත් බැරි නැතුවත් බැරි ස්ට්‍රයික් . . !

   

අලුත් බ්ලොග් පිටුවකින් මගේ යාළුවෝ  අතරට එන්න ලැබිම ගොඩක් සතුටක්... මේ දවස්වල අහම්බෙන් ලැබුණු කැම්පස් නිවාඩුව අර්ථවත් වැඩකට යොදවන්න හොද අවස්ථාවක් වුණා. දැන් කැම්පස් වලත්  ස්ට්‍රයික් කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලා :) ලේක්චර්සලා , අනධ්‍යන සේවකයෝ , විශ්ව විද්‍යාල සිසුන් තරගෙට ස්ට්‍රයික්  කරනවා, හේ හේ ... ඉතින් එක්සැම් ඉවර වුනාමවත් කොහේ හරි ට්‍රිප් එකක් යන්න ඕනියෝ කිය කියා හිටපු අපිට නම් මේ දෙවියෝ දුන්නු තෑග්ගක්... හ්ම් හ්ම්

ඉතින් මේ ගැන කල්පනා කරනකොට ගොඩාක් යාළුවො ස්ට්‍රයික් ගැන නොදන්නා දෙයක් ඔයාලට කියා දෙන්න හිතුවා... ම්ම්ම්... ඇත්තටම කව්ද මුලින්ම ස්ට්‍රයික් කරන්න හොයාගත්තේ ? කවුරු වුනත් වටිනා කියන අදහසක හිමිකරුවෙක්!




* මුලින්ම වර්ජනයක් කරන්න ඔනී කියලා හිතලා තියෙන්නේ ඊජිප්තුවේ සිටි (111) වැනි රම්සේ  රජුගේ කාලයේදී විශාල ගල් යොදාගනිමින් සොහොන් නිර්මාණය කරපු සේවකයින් පිරිසක්. තමන්ට අවශ්‍ය පහසුකම් හරි හැටි ලබා ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ වෙලා තිබුණේ... එය  සිදුවුණේ ක්‍රි.පු.ව. 1170 දී  ලෙස ඉතිහාසයේ සදහන් වෙනවා...

ඔයාලා  දන්නවද හැමදාම වර්ජන සිදුවුණු ලෝකයේ තිබුණු විශාලම වර්ජනය මොකක්ද කියලා?
* එක නම් වෙලා අපේ අසල්වැසි ඉන්දියාවේ, 2012 පෙබරවාරි 28 වැනිදා
මිලියන සියයක් (100,000,000) වන කම්කරු සේවකයින් පිරිසක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා එදා රැස් වුනාලු...
ඉතින් වර්ජන කොච්චර වුනත් ඒ ගැන නොදන්නා දෙයක් ඔයාලට ලබාදෙන්න පුළුවන් විම ගැන ගොඩාක් සතුටුයි....! ආයෙත් හමුවෙමු...

  
                 *                     *                     *                     *                     *                    

4 comments:

  1. Glad to comment as the very first commenter of a newly born blog. Wish you all the very best for your future endeavors sithuwili siththam!! :))))))

    ReplyDelete
    Replies
    1. Thank you so much! keep join with 'සිතුවිලි සිත්තම'...

      Delete
  2. ඇත්තටම මේ ලිපිය කියවනකං දැනගෙන හිටියේ නැහැ ඉස්සෙල්ලම ස්ට්‍රයික් කලේ කවුද කියල..හ්ම..කොහොම උනත් ස්තුතියි මිතුර..දිගටම ලියන්න..අපිත් එන්නම්කෝ බලන්න..:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මම හිතුවෙත් නෑ ඉස්සෙල්ලම ස්ට්‍රයික් කරපු කෙනා හොයාගන්න පුළුවන් වෙයි වත් කියලා... හේ හේ :)

      Delete