Thursday, June 28, 2012

අයෙත් යමුකෝ ඉතින් කැම්පස්... :(

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු තෙවැනි ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio


කොහොමද මගේ ආදරණිය යාලුවනේ, ටික දවසකට බ්ලොග් එක පැත්තෙත් එන්න බැරිවුණා...(හෆෝයි...) ගෙදරම ඉදලා දන නම් හරිම කම්මැලි වෙලා, කොහොම කොහොම හරි අපිට පිනට ලැබුණු නිවාඩුවත් ඉවරායි කියලා ආතක් පාතක් නැතුව කොහෙන්දෝ අසුභම අසුභ ආරංචියකුත් ආවා... අපි ඉතින් අසුභයි කිව්වට පඩි වැඩිවුණු අයනම් රබන් ගහන්න ඇති සන්තෝසෙට... හ්ම්ම්, ඉතින් ඇත්තටම කැම්පස් ළමයි මේ ස්ට්‍රයික් එක ගැන මොනවා හිතනවා ඇද්ද ! ම්ම්ම්... මේ පින්තුර ටික බැලුවම ඔයාලට මතුපිටින් පේනවාට වඩා දෙයක් දැනෙයි ... :)







කැම්පස් එකේ නම් නිතරම මේ වගේ දේවල් දකින්න ලැබෙනවා, ඒත් අපේ අනිත් යාළුවනේ මේ රාජ්‍ය විරෝධී පෝස්ටර් නම් නෙමෙයි, ඒත් මෙහෙමවත් කලේ නැත්තම් අවුරුදු හතරේ ඩිග්‍රිය අවුරුදු හයකින්වත් ශේප් කරගන්න බැරි වෙනවා, ඉක්මනට ඉගෙනගෙන රටට වැඩක් කරන්න තියෙන කාලය නිකරුණේ ගෙවනකොට මෙහෙම වැඩක්වත් කලාම මොකද? හික්ස්...


තවත් ලස්සන කවි ටිකක් තියෙනවා ඉතුරුවෙලා, හේ හේ, ඒ ටිකත් කියවලාම බලමුකෝ...


* නරියා හු කියයි ඩිග්‍රිය ඌට            නැත ..
එළුවට රැවුල ඇත කැම්පස් ආවේ    නැත..
මේ දෙක අපට ඇත එනමුදු දැනුම   නැත..
සහතික පමණි ඩිග්‍රිය පාලක්           නැත..

* මාද ඔබ විය..
ඔබද මා විය..
ඔබ අන්සතු විය..
මට කෙල විය..

* සමතුලිතයේදී ඔබ හා එක්වෙන්න..
ඉල්ලුම තිබුණි හද උතුරා පිටවෙන්න..
සැපයුම නොලද තැන ඔබගෙන් ඇති වෙන්න..
සිදු විය මෙමට සමතුලිතෙන් විසි වෙන්න..

කොහොමද කව් සිතුවිලි, හි හි :) එහෙනම් යාලුවනේ දැන් නම් දිගටම වැඩ තියේවි.. නිවාඩුවක් ලැබුණු ගමන් ඔයාලව බලලා යන්න එන්නම්කෝ... :)

12 comments:

  1. :( ඇත්තටම ආය යනවා මතක් වෙනකොටත් එපා වෙනවා තමයි යාළු...මොනවා කරන්නද..

    ReplyDelete
    Replies
    1. thankqueee හිරුවෝ කොමෙන්ටුවට, :( කැම්පස් යනවා එපා වෙනවා කියන්නේ එපාම වෙනවා...

      Delete
  2. බ්ලොග් වැඩිපුර ලියන්නෙ කැම්පස් අයියල අක්කලමයි..නොගිය අපිත් ඉතින් ගියා වගේ තමයි දැන්...මමත් ආව මගේ නම පොඩ්ඩක් ලගින් යන කෙනා බලන්න ගිහින් එන්නම් ආයෙමත්..ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිත්තම් ඇවිත් මාව බැලුවට... හේ හේ, එහෙම දේවල් ගැන නම් ඕනි තරම් ලියන්න දේවල් තියෙනවානේ... අයෙමත් එන්නකෝ!

      Delete
  3. තව කවි ඕන නම් http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/378897_261990510533209_247274518_n.jpg වලට ගිහින් බලන්න

    WORD VERIFICATION අයින් කරන පුලුවන්නම් ගොඩාක් වටිනවා
    http://nohimlokaya.blogspot.com/2012/04/blog-word-verification.html
    මෙතෙන්ට ගිහින් බලන්නකෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළුවේ, ඔය කියපු විදිහට බ්ලොග් එක වෙනස් කලා... අයෙමත් එන්නකෝ එහෙනම්...

      Delete
  4. Replies
    1. අපි‍ටත් එහෙම තමයි, දන් ඉතින් බැදගත්ත බෙරේ ගහන්න එපැයි... හේ හේ :)

      Delete
  5. මොනවා කරන්නද තමයි බදගත්තු බෙරේ ගහනවා මිස...තව කොච්චර කාලයක් ගහන්න වෙයිද දන්නේ නැ ඉතින් ... :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඔව් යාළු...දැන් නම් ගෙදර ඉදලත් එපා වෙලා....

      Delete
  6. අප්පේ කවදා මේවා ඉවර වෙයිද මන්දා... :(

    ReplyDelete
  7. ඔව් නාඩි...එකත් ඇත්ත තමයි...මොනා වුනත් ඉන්න ටිකේ ජොලියේ ඉමුකෝ ...හේ හේ

    ReplyDelete