*මෝරුන්ගේ හක්ක එයාලාගේ හිස් කබලට සම්බන්ද වෙලා නැ, ඉතින් යාලුවනේ ඒ හින්දා හිතෙන හිතෙන වෙලාවට තමන්ගේ හක්ක තියෙන තැනින් ඉස්සරහට අරගෙන ලේසියෙන්ම ගොදුරු අල්ලන්නත් එයාලට පුළුවන්, ඒ වගේම මෝරුන්ගේ ඇගේ එකම එක අස්ථියක්වත් නෑ...හෆොයි, ...! මෝරුන්ගේ බඩේ තිබිලා පුටුවක්, අශ්වයෙක්ගෙන් අඩක් , ටෝපිඩෝවක් වගේ දේවලුත් හමු වෙනවලු...
Tiger shark මොරුන්ටනම් වාහනයක ටයරයක් වුනත් අපහසුවක් නැතිව කන්න පුළුවන්ලු... මෙහෙමත් කෑමක් !
*Sand tiger shark මෝර අම්මාට ගර්භාෂ දෙකක් තියෙනවාලු, ඒ දෙකෙන් මුලින්ම එන පැටව් දෙන්නා ඊට පස්සේ එන පැටව් ඔක්කෝම කාලා දානවලු, ඉතින් කොච්චර බිත්තර දැනමත් අන්තිමට ඉතුරු වෙන්නේ පැටව් දෙන්නෙක් විතරයි...
*වැලි කඩදාසි හොයාගන්න කලින් ලී මතුපිට ඔපදමන්න මෝරුන්ගේ හැම භාවිතා කරලත් තියෙනවා... විවිධ ප්රයෝජන සදහා මෝරුන්ගේ වරල් ලබාගන්න මසුන් මරන්නන් මෝරුන් පන පිටින් අල්ලාගෙන ඔවුන්ගේ වරල් කපා දමා මුහුදට ඇද දමනවාලු, ඒ කතාව ඇහුවම නම් මෝරු ගැන දුකකුත් දැනෙනවා... :(
*මෝරුන්ට දත් 40-45 ක් තියෙනවාලු, එත් පුදුමේ ඒක නෙමෙයි, ඒ වගේ දත් පේළි 7ක් ඊට පහලින් තියෙනවා...හදිස්සියෙවත් දතක් ගැලවුනොත් දවසකින් අලුත් දතක් එනවලු, මේ විදිහට දත් 30,000ක් විතර එයාලට දා ගන්න පුළුවන්...
*පිරිමින් හා ගැහැණුන් සමාන ප්රමාණයක් මුහුදට වී සිටියත් මෝරුන්ගේ පහර දීම් වලින් 90% කටම ගොදුරු වෙන්න වෙලා තියෙන්නේ පිරිමි පුද්ගලයින්ටයි... මෝරුන්ට මුහුදු පතුලේ සැතපුම් 2ක් කිමිදෙන්න වගේම මුහුදේ මතුපිටට අඩි 2 ක් වනතුරු ආසන්නව පිහිනන්නත් පුළුවන්, Mako shark නම් පැ.කි.මී.60 ත් ඉක්මවලා පිහිනන කෙනෙක්ලු, හැබැයි මෝරුන්ගේ පහර දීමකින් එක් පුද්ගලයෙක් මිය යනකොට මිනිසා විසින් මෝරුන් මිලියන දෙකක් මරා දමනවාලු...( 1 man = 2,000,000sharks)
මෝරුන් ගැනත් අපි නොදන්නා ගොඩාක් දේවල් තිබිලා නේද යාලුවේ, එක දෙයකට විතරක් සිමා වෙන්නේ නැතිව මුළු ලෝකයම ගැන හොයලා බලන්න පුලුවන්නම් කොච්චර ශෝක්ද, හ්ම්ම්ම්... වෙනස්ම දෙයකින් නැවතත් අපි හමුවෙමුකෝ...
ت ت ت ت ت ت
This comment has been removed by the author.
ReplyDeleteමෝරුන්ට ගිය කලක් :) ඔයා නම් ඩිස්කවරි චැනල් එකක්....ස්තුතියි අපිව දැනුවත් කරනවට
ReplyDeleteහේ හේ ... අපි නොදන්නා දේවල් බොහෝමයි සහෝදරි, නොදන්නා දෙයක් දන ගැනීම මොන තරම් සතුටක්ද...!
Delete