Friday, July 27, 2012

අහසට සොදුරුද සඳ කෙතරම්...




තරු පොකුරු තිබුණත් ඔය හැටි රැ අහසේ
කවදා තිබේ දැල්වී අවිහිංසක සද එළියක් සේ
ඒ අහසට අයිති සද හැඩ වීලා අදත් මෙසේ
මවයි අහසත් සදත් එක්ව අපුරු සෙනෙහසේ...


දහවල රශ්මියෙන් මිරිකී එනවිට සද පායා
මගබලයි අහසත් පාමින් සියුමැලි කිරණින් මායා
වැහි කුණාටු මතුවී ආවත් අහසින් පොලවට හැලිලා
මෙතුවක් කල් නැත පුර හද හට වරදක් කරලා...


ජීවිතයට එළියක්‌ වී අදුරුම දිනෙක
කදුළු වැටුනේ සිනාසී මිස නැත කිසි දුකෙක
අහසට සදත් හැමදා ලග ඇති කලෙක
අනේ සදත් ඒ නුඹදෝ හැගුණි වරෙක...



☁     ☁        ☁      ☁


14 comments:

  1. :( :( දුකක් නේ ආවේ..

    ReplyDelete
    Replies
    1. අනේ නැ..මේ සතුටින් ලිව්වේ..හේ හේ

      Delete
  2. නියමයි මල්ලි :))

    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙකුට ගහලා තියෙනවා දැක්කා :P

    ReplyDelete
    Replies
    1. හේ හේ ...copy + paste...කළා නොවැ...ලස්සනයි හින්දා පොස්ට් කළා...

      Delete
  3. තරු පිරි මේ රෑ අහසේ
    සද එළිය දසඅත පිරුනේ
    දුටු නිසයි සෙනෙහස අහසේ
    අද සද සතුටින් ඉන්නේ...

    දහවලට හිරුත් රෑට සදුත් වී
    අහස ඉන්නවා ලගින් සැමදා
    ඉන්නේ සදත් අහස ලගට වී
    අහස හොද බව දන්නා නිසා...

    අදුරුවු වළාවක සිටි සද
    එළිය කලේ අහසම වග
    කියන්නට සිතයි අහස නුඹට
    දන්නේ තවමත් එය සදම වග...

    ReplyDelete
    Replies
    1. මම දැකපු ලස්සනම ලස්සනම පිළිතුරු කවිය...

      අදුරුවු වළාවක සිටි සද
      එළිය කලේ අහසම වග
      කියන්නට සිතයි අහස නුඹට
      දන්නේ තවමත් එය සදම වග...

      මේ පද පේලියනම් ඇත්තම ඇත්ත වගේ...ගොඩක්ම දැනුනා...

      Delete
  4. ජීවිතයට එළියක්‌ වී අදුරුම දිනෙක
    කදුළු වැටුනේ සිනාසී මිස නැත කිසි දුකෙක
    අහසට සදත් හැමදා ලග ඇති කලෙක
    අනේ සදත් ඒ නුඹදෝ හැගුණි වරෙක...

    ලස්සන කිවිය...

    අදුරුවු වළාවක සිටි සද
    එළිය කලේ අහසම වග
    කියන්නට සිතයි අහස නුඹට
    දන්නේ තවමත් එය සදම වග...

    ලස්සනම පිළිතුරු කවියක්...

    ලොකු තේරුමක් තියෙනවා වගේ හිතුණා....ලස්සනම කවි ටිකක් මල්ලා..

    අනේ සදත් ඒ නුඹදෝ හැගුණි වරෙක...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අක්කියෝ...හරිම ලස්සන පිළිතුරු කවියකුත් තියෙන්නේ...
      ගොඩක් ස්තුතියි හේ හේ....

      Delete
  5. මොකෝ මේ අපේ යාළුවා කවි කියන්නේ ආහ? හෙ හේ නියමයි !!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කවියකුත් කියලා බලන්න හිතුනෝ...දැන් ඉබේම කවි ලියවෙනවා...:)

      Delete