හෆෝයි මෙන්න පේරාදෙණියේ කැම්පස් එකෙන් මේ ලියුමත්... අනේ නෑ නෑ...මම පේරා නෙමෙයි, එත් මට පේරා ලියුම් හෝ හෝ ගාලා එනවා... හ්ම්ම්... ඒ කතාවත් ඔයාලට කියලා හිටියනම් හොදයි වගේ...
මාව ඉස්සෙල්ලාම සිලෙක්ට් වුණේ පේරා... ඉතින් පේරා කැම්පස් එකේ දවස් ගානක් උදේ ඉදන් හවස් වෙනකම් හිටියනේ... කරන්න දෙයකුත් නැති නිසා මල්වත්ත ලගින් පටන්ගෙන මේඩි-ෆැක් හරහා ගිහින් මහවැලියේ ඉවුරත් පහු කරලා අන්තිමට නතර වෙන්නේ පාරත් පැනලා ඊ -ෆැක් එක ලගින් ... ගොඩාක් ආසාවෙන් ආදරයෙන් හිටපු කැම්පස් එකක්...එත් අන්තිමට නැවතුනේ මෝරා වලින්... හී හී...
ඉතින් මම එහෙත් කලින් රෙජිස්ටර් වුනු හින්දා මටත් පේරා ලියුම් ගෙදරට එනවා..(මම මේ ගැන කාටවත් කියන්න ගියෙත් නෑ.. මොකෝ ඉතින් තව ඩිග්‍රියකුත් පොස්ට් එකේම ගෙදරටවත් ආවොතින් කියලා...) හිකිස්!
(ෆොටෝ එක ඉස්සුවේ :- http://www.pdn.ac.lk/ )
ලියුම කැඩුවම මම දුටු දේ.....
අධ්‍යාපනය දරුණු ප්‍රහාරයකට !
(මෙන්න එතකොට මමත් ටිකක් බය වුණේ නෑලු හොදේ, ...)
ඉතින් ලියුමෙන් කියවපු මට නම් තේරුණේ විශ්ව විද්‍යාල වල ඇදුරන්ගේ වර්ජනය පෞද්ගලික ලාභ විතරක් නෙමෙයි රට ගැනත් හිතලා කරන දෙයක් විදිහටයි...
ඉතින් යාළුවේ 1945 වසරේදී නිදහස් අධ්‍යාපනය නිසා නව සමාජීය විප්ලවයක් ඇති වුණා... ආසියාවේ ඉහලම සාක්ෂරතාවයකට උරුමකම් කියන්න එයින් ඇත්තටම ලැබිලා තියෙන්නේ ලොකු බලපෑමක්...එත්...
එත් අපේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන අඩු පාඩු දෙකක් තියෙනවා...
01) ඉහළ සාක්ෂරතාවයක් තිබුනත් අපේ රටේ බොහෝ දෙනෙක්ට උසස් / ද්වීතීයික අධ්‍යාපන අවස්තාව නොලැබීම.
02) අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සම සමව නොලැබීම.
එත් අධ්‍යාපන තවත් දියුණු කිරීමට තිබියදී ඒ ගැන අවධානය පසෙක ලා සිටීම.....? ඇත්තටම ප්‍රශ්නයක් තමයි...
(අධ්‍යාපනය නිසියාකාරව නැති ජාතියක් බිහිවීම රටට හානියක්...)
"අධ්‍යාපනය යනු කිසිදු ආකාරයකින් එහි අන්තර්ගතය හෝ ඉගැන්වීමේ විධි ක්‍රමය පිළිබද නියෝග කිරීමක් ලෙස තේරුම නොගත යුතුය..."
- සි. ඩබ්ලිව්. කන්නන්ගර ,1943
"ගුරුවරුන්ගේනිදහස විනාශ කිරීමට ක්‍රියා කරන්නන් කන්නන්ගර මහතාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙනු නොඅනුමානය..."
-මහාචාර්ය ජේ.ඊ.ජයසුරිය, (අධ්‍යාපනය පිළිබද මහාචාර්ය) , 1968
ඔයාලත් දන්නවානේ යාලුවනේ, මේ වෙනකොට එංගලන්තය, චිලී දේශය වැනි රටවල් ගණනාවක සිසුන් අධ්‍යාපනය රැක ගන්න ඉදිරිපත් වෙලා ඉන්නවා...
අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය සදහා අඩුවූ ප්‍රතිපාදන වැය කිරීම් !
අධ්‍යාපනය සදහා දල ජාතික නිෂ්පාදනයෙන් වෙන කල මුදල...
වර්ශය- ප්‍රතිශතය
2005 - 2.9 %
2012 - 1.9 %
එත් ලංකාවට වැඩ දුප්පත් රටවල් අධ්‍යාපනයට මුදල් වැය කරන විදිහ...
නැම්බියාව 8.00%
සිම්බාබ්වේ 2.49%
මුරෑන්ඩි 9.24%
මලාවී 5.27%
ඉතියෝපියාව 4.69%
රුවන්ඩාව 4.67%
කෙන්යාව 6.67%
ඉතින් විශ්ව විද්‍යාල සදහා සුදුසුකම් ලබන 20% ලැබෙන්නේ මෙයිනුත් පංගුවක් නේද...?
ඉතින් යාළුවේ මම මේ ලිපියෙන් කතා කලේ කැම්පස් අපි ගැන විතරක් නෙමෙයි, අපේ ඉස්කෝලේ යන නංගිලා මල්ලිලාටත් මේ ප්‍රශ්නය ඇගට නොදැනුවත්ම බලපාන හින්දයි....
.
.
.
හිතන්න
..
.
(pic by : sundayobserver.lk)
අපි හැමෝම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තානම් ඒ වෙනුවෙන් කාලය බිදුවක් වැය කිරීම අපතේ යාමක් වුණා නෙමයි නේද....!
:) :) ෂෝයි හ්ම්ම්..
ReplyDeleteබ්ලොග් එකත් අළුත් වෙලා..:)
ඇයි අනේ මම ඔයාට කිව්වේ බ්ලොග් එක පොඩ්ඩක් වෙනස්කලා කියලා...හේ හේ ..තැන්ක්ස් හොදේ...!
Deleteඔව් අයියේ ඔයා හරි..අපි හැමෝම ඉගන ගත්ත නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කාලය බිදක් නෙමෙයි කොච්චර කාලයක් වැය කරත් කමක් නෑ මම හිතන්නේ....
ReplyDeleteඇත්ත නංගි..ඔයා හිතන විදිහ නම හරියටම හරි...මොන දේ කරන්නත් කලින් ඉගෙනගෙන ඉන්න එපැයි...
Deleteපේරා ඉඳලා මෝරා ආවා කිව්වා? වෙල් කම් වෙල් කම් :)
ReplyDeleteහේ හේ..ඔව් ඔව්...බ්ලොග් ඒක බලන්න ආවට ඔයාටත් වෙල්කම් වේවා!!!
Delete