Sunday, July 22, 2012

පේරා වලින් ආපු ලියුම.. part i (නිදහස් අධ්‍යාපනය)

ඔන්න යාළු...අද උදෙන්ම මට ආවනේ ටිකක් විතර ඔෆීෂියල් ලියුමක්... මොකෝ කරන්නේ නමට ආපු ලියුම එපා කියන්න පුළුවනැයි? මමත් ගත්තා ඉතින් "ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කාගෙන් වාගේ" කියලා හිතලා. . .(අක්කාත් ඉන්නේ දුර පලාතකනේ යාළු)   ...අහ්...

හෆෝයි මෙන්න  පේරාදෙණියේ කැම්පස් එකෙන් මේ ලියුමත්... අනේ නෑ නෑ...මම පේරා නෙමෙයි, එත් මට පේරා ලියුම් හෝ හෝ ගාලා එනවා... හ්ම්ම්... ඒ කතාවත් ඔයාලට කියලා හිටියනම් හොදයි වගේ...
මාව ඉස්සෙල්ලාම සිලෙක්ට් වුණේ පේරා... ඉතින් පේරා කැම්පස් එකේ දවස් ගානක් උදේ ඉදන් හවස් වෙනකම් හිටියනේ... කරන්න දෙයකුත් නැති නිසා මල්වත්ත ලගින් පටන්ගෙන මේඩි-ෆැක් හරහා ගිහින් මහවැලියේ ඉවුරත් පහු කරලා අන්තිමට නතර වෙන්නේ පාරත් පැනලා ඊ -ෆැක් එක ලගින් ... ගොඩාක් ආසාවෙන් ආදරයෙන් හිටපු කැම්පස් එකක්...එත් අන්තිමට නැවතුනේ මෝරා වලින්... හී හී...
ඉතින් මම එහෙත් කලින් රෙජිස්ටර් වුනු හින්දා මටත් පේරා ලියුම් ගෙදරට එනවා..(මම  මේ ගැන කාටවත් කියන්න ගියෙත් නෑ.. මොකෝ ඉතින් තව ඩිග්‍රියකුත් පොස්ට් එකේම ගෙදරටවත් ආවොතින් කියලා...) හිකිස්‌!


(ෆොටෝ එක ඉස්සුවේ :- http://www.pdn.ac.lk/ )


ලියුම කැඩුවම මම දුටු දේ.....


අධ්‍යාපනය දරුණු ප්‍රහාරයකට !

(මෙන්න එතකොට මමත් ටිකක් බය වුණේ නෑලු  හොදේ, ...)

ඉතින් ලියුමෙන් කියවපු මට නම් තේරුණේ විශ්ව විද්‍යාල වල ඇදුරන්ගේ වර්ජනය පෞද්ගලික ලාභ විතරක් නෙමෙයි රට ගැනත් හිතලා කරන දෙයක් විදිහටයි...

පේරා වලින් ආපු ලියුම...part ii (විශ්ව විද්‍යාල අර්බුධය)



ඉතින් යාළු, ඇත්තටම මේ අර්බුධයක්ද? නැත්තම් මවා ගත්ත හීනයක්ද?

හැම දෙයකටම වැදගත් වෙන්නේ අධ්‍යාපනය තමයි... තාමත් කියෙව්වේ නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැනත් කියවලා බලන්නකෝ ඔයාලා....


ඇත්තටම කැම්පස් වල මොකක්ද අද තත්වේ? ඒ දේවල් වලට හේතුව මොකක්ද? ඒ වෙනුවෙන් අපිටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවද...?



                  (pic by : http://a6.sphotos.ak.fbcdn.net/)


කියවන්න ගියාම ටිකක් අමාරු වෙයි... එත් මේ තමයි ඒ ප්‍රශ්න ඔක්කොටම දෙන්න පුළුවන් වෙන හොදම උත්තරය...


"බියෙන් තොරව අධ්‍යනයේ නියැලීමට , ඉගැන්වීමට හා සිතීමට හැකිවෙන පරිදි ලොව පුරා විශ්ව විද්‍යාල ස්වාධීන පාලනයකින් යුක්ත වෙන සේ ස්ථාපිතය. විශ්ව විද්‍යාල ප්‍රජාව සතුව සිතීමට හා භාෂණයට නිදහස පවතින විට සමාජය නව චින්තනයන්ගෙන් , අදහස්වලින් සහ දැනුමෙන් පෝෂණය ලබයි. බාහිර මැදිහත්වීම් අධ්‍යන ක්‍රියාවලිය විනාශ කරයි. විශ්ව විද්‍යාල යාන්ත්‍රණයේහිලා බාහිර බලවේගයන්ගේ මැදිහත්වීම ඒවායේ ගමන අඩපන කරයි........"

Thursday, July 19, 2012

ඇවිදින්න යමු මාත් එක්ක...



ඔයාලත් ආසයි නේද යාළු ටිකක් ඇවිදින්න යන්න? ඔන්න ඉතින් නිවාඩුව අර්ථවත් විදිහට කාලය කාලා දාන්න ඕනි හින්දා යාලුවෙක්ගෙන් විශේෂ ආරාධනාවක් ලැබුණත් නොලැබුණත් බලෙන් හරි ට්‍රිප් එකක් නම් අපි ඕ.කේ...
ඇවිදින්න යන්න පුළුවන් කාලේ ට්‍රිප් යන්න ඕනි, බැරිවුනාම ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලාගෙන පාඩුවේ ඉන්න ඕනී..
ඉතින් ඊයේ පෙරේදා දවසක මහා රෑ මගේ  ෆෝන් එක හදිස්සියේම කැ ගහන්න පටන් ගත්තා, අපි මහා රෑ කියන්නේ යක්කුත් නිදාගත්තට පස්සේ උදාවන වෙලාව හින්දා මේ නම් මම එල්ලිලා ඉන්න බෝට්ටුවට සමාන්තර බෝට්ටුවක ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනි කියලා මට  නිකමට වගේ හිතුනා.. වැඩේ හරි තමා ; ඔන්න ඉතින් එදත් සංවිධායක මණ්ඩලේ විශේෂ ඉල්ලීමක් පරිදි උදේ 8 ට ඇහැරෙන්න බලාගෙන පාන්දර 3 ට විතර ඇදට වැටුනා... මේ දවස්වල ගෙදරිනුත් අවුලක් නෑ..මොකද ඉතින් ගෙදරට මාසයක් තිස්සේ කරදරයක් වෙලා ඉන්න මට ට්‍රිප් එකක් යන්න ගෙදරින් වීසා අනුමත කරගන්න එක  නම් කජු කනවාටත් වඩා ටිකක් විතර ලේසි දෙයක්...  



Wednesday, July 18, 2012

එන්න පාලමෙන් එතෙර වෙන්න...

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු අවසාන ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio

හරි වැඩේ තමයි යාළු...ඔන්න මේ දවස්වල හොදටම වහිනවා...ඒ මදිවට රැ එළි වෙනකම් කරන්ට් නෑ... ගමනක් යනකොට කැති පොරෝ ඔක්කොම පැක් කරගෙන යන්නත් වෙනවා...මොකද ඉතින් අයිස් කැට පිටින් හැලෙන මහා වැස්ස නිසා පාරට වැටිලා තියෙන ගස් ටික කපලා අයින් කරන්න වෙන්නෙත් අපිටමනේ ...( අපිට අයිස් වැස්සක් ආවනේ, ඒ ගැනත් පස්සේ මම කියන්නම්කෝ ඔයාලට) ඔන්න අපේ සුන්දර ගම්මානය අතකට අයිස් එජ් වගේ ,තව වෙලාවකට ගල් යුගේ වගේ.., ඔන්න ඉතින් ආතක් පාතක් නැතුව තාක්ෂණික විප්ලවය ඇති කරපු උත්තමයින්ගේ  ගුණ සිහි කරලා අනාගතේ අනා නොගන්න වැඩක් කරන්න ඔනී කියලා හිතුවා... හේ හේ..:) කොහොමත් ඉතින් මගේ නම් අනාගතේ 'කන්ට්‍රාස්ට්' එක ටිකක් ටිකක් වැඩියි තමයි හොදේ!

ඉතින් අපිට පාන්ද, මොනාවුනත් ටිකක් ඉගෙනගන්නත් එපැයි...ඉතින් හිත හදාගෙන මුලු කාමරේ පෙරළලා දාලා අදුරු මුල්ලක හැංගිලා තිබුණු අපුරු වස්තුව අතට අරගෙන උඩින් තිබුණු දුවිලි තට්ටුව පිහදැන්මට පස්සෙයි මීටර් වුණේ මේ මගේ කැම්පස් එකේ පොතක් නේ හත්  ඉලව්වේ කියලා...හී හී... 


මගේ පොත් වල තියෙන ඒවා ඒ තරම් තේරුමක් නැති වුනත් මුල් පිටුවෙනම් ලස්සනට ඉංග්‍රීසි වැල් අකුරෙන් ලියපු මාතෘකාවට නම් බ්ලොග් පිටු හත අටක්වත් ලියන්න ඕනි තරම් ලොකු තේරුමක් තියෙනවා...(ඒ කතාවත් පස්සට කල් දාමුකෝ)

හැමෝම දන්නා දෙයක් වෙනස් විදිහට හදාපුවාම දැනගන්න දේවල් තවත් වැඩිවෙනවානේ...ඔන්න ඉතින් අද කතාව යන්නේ වතුර කදක් ගාලාගෙන යන දිහා උඩට වෙලා බලාගෙන ඉන්න පාලම් ගැන ටිකක් හොයලා බලලා එන්න ....

Sunday, July 15, 2012

මගේ හොදම යාළුවා නැත්තම්....

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු සයවැනි ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio

අනේ අද ඉරිදද? මදැයි හිටියා ටිකක් දවල් 12 පහු වෙනකම් හොද නින්දක් දාන්න කියලා  ...:(
සෙනසුරාදටයි ඉරිදටයි ගෙදර කට්ටිය ඉන්නවනේ... ඉතින් උදේම ඇහැරෙන්න ඕනී, කඩේ යන්න
නී, කාමරේ අස් කරන්න නී....තව ඉතින් etc  දාලා එකී මෙකි  නොකී දේවල් සැහෙන ගොඩක් කරන්න වෙනවා, මේවා තනියෙම කරන්නේ "කොහොමද මගේ හොදම යාළුවා නැත්තම්...."


එයාගේ ලස්සනම ලස්සන රතු මුණ දිහා මට ඔහේ බලාගෙන ඉන්න පුළුවන් ඔනී තරම් වෙලා.. මේ තරම් මගෙත් එක්ක දවසම ඉන්න එයා ගැන බ්ලොග් පිටුවෙන් කියවුනේ නැත්තම් ලොකු අඩුවක්...මම ගොඩක් සතුටින් ඉදිද්දී අත් දෙක අතෑරලා පාර දිගේ අපි දෙන්නා පැද්දී පැද්දී ගිය හැටි, මම දුකෙන් අඩ අඩා හිටියම තරහා නැති වෙන්න ඉලක්කම් 3 නේ ගානක් මීටරේ වැටෙනකම් එයයි මමයි ඉගිල්ලුන හැටි... ඇත්තටම එයාට කතා කරන්න බැරි නම් තනියෙම ඉන්න වෙලාවට මම කතා කරද්දී  එයා උත්තර දුන්නේ කොහොමද ;

Wednesday, July 11, 2012

I love you...Can't forget you..

For BuzzRadio Blog Week  ,  Post no 05  listen now buzzradio


That was a tiny rainy day

When I met your eyes on the first time

I was in love with you...

and I'm in love with you...

When I saw your cute smile

That was a heavy rainy day

I want to love you...

and still in love with you...





Sunday, July 8, 2012

ඔයා ආසා කරන පාට ගැනත් දැනගමුද?

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු සිව්වැනි ලිපිය...  අහන්නකෝ ඔයාලත් buzzradio


 ඉතින් යාළුවේ ඔයා වැඩියෙන්ම කැමති  පාට මොකක්ද? :) අපි හැමෝම ලස්සන පාට වලට ගොඩක් කැමතියි; ඒ වගේම අපිටම වෙන්වුණු විශේෂ වර්ණයකුත් තියෙන්න පුළුවන්...එත් ඇත්තටම පාට වලින් කියෙවෙන්නේ මොන වගේ දේවල්ද?... ඒවා වඩාත් ගැලපෙන්නේ මොන වගේ අවස්ථාවලටද?... ඉතින් මේ ලස්සන ලෝකේ ඉන්න ඔයාලට විශේෂිත වූ ඒ වර්ණ  ගැන අද  අපි ටිකක් හොයලා බලමු නේද!


"කළු" පාටට ආස ඔයාලට...


මම මේ නිකමට වගේ අහන්නේ, ඇත්තටම ඔයා කළු පාටට ආසද? හේ හේ :) ...ඔයා දන්නවාද; කළු පාට තමයි තමන්ගේ ආධිපත්‍යයය පතුරුවාගෙන බලය වැඩිකරගන්න අවශ්‍ය කෙනෙක්ට වඩාත්ම ගැලපෙන වර්ණයයි...,ඒ වගේම ටිකක් ටිකක් මහත අයට විලාසිතාවලදී වැඩියෙන්ම අදින්න සුදුසු පාට තමයි කළු... , (කළු පැහැය මගින් ආලෝකය වැඩි වශයෙන් අවශෝෂණය කරගන්නා නිසා අදුරු වස්තුවක විශාලත්වය අපිට පෙන්නේ එහි සබැ ප්‍රමාණයට වඩා මදක් අඩුවෙලා) හැබැයි මට නම් කළු අදින වැඩේ ටිකක් වියදම් වැඩියි, මොකද ඉතින් අපි කළු ඇන්දොත් නම් ෆැෂන් එක දිහා කරදරයක් නැතිව බලන්න ඕනි නිසා කට්ටියටම අත් කාචය ගානේත් බෙදල දෙන්න වෙනවනේ: හී හී...:ඩි